Photobucket

Tuesday, December 4, 2012

ඊයේ ගුරු වෘත්තීය සටන සාර්ථකයි

ලංකා ගුරු සංගමය පාසල්වලට
කිසිම බලපෑමක්‌ නෑ
 
ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ඊයේ (04 වැනිදා) පැවැත්වූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථක බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්‌ටාලින් මහතා 'දිවයින'ට පැවැසීය.

ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් දහසයක එක්‌ලක්‍ෂ අසූදහසක පමණ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගයට එක්‌ව සිටි බව ද ඒ මහතා කීවේය. ගුරුවරුන් නොමැති වීම නිසා අනුරාධපුර, අම්පාර ඇතුළු අධ්‍යාපන කලාප රැසක ඇතැම් පාසල් වසා දැමීමට පවා බලධාරීන්ට සිදු වූ බව සඳහන් කළ ස්‌ටැන්ලි මහතා ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූයේ විවිධ බාධක මධ්‍යයේ යෑයි ද කීවේය.

පාසල් නිල ඇඳුම් බෙදා හැරීමේ ජාතික උත්සවය වැනි උත්සව රැසක්‌ පාසල්වල ඊයේ සංවිධානය කර තිබූ නමුත් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඒවා සාර්ථක නොවූ බව ද ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පොලිසිය යොදවා බලපෑම් කළ බව ද හෙතෙම පැවැසීය.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පාසල්වල කටයුතුවලට කිසිදුÊබලපෑමක්‌ සිදු නොවූ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේය. ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක්‌ දක්‌නට නොවූ බවත්, ඇතැම් පාසල්වල ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ නොදැන සිටි බවත් ඒ මහතා කීවේය.

වැටුප් විෂමතා ඉවත් කිරීම, හිඟ වැටුප් හා උසස්‌වීම් ලබාදීම, අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් පැවැත්වූ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පති සංගමය ඇතුළු සංගම් දහසයක නියෝජිතයෝ සහාය දැක්‌වූහ.

නිලන්ත මදුරාවල, ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද. මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර සහ ලාහුගල - ගයාන් චින්තක
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all