Photobucket

Saturday, December 29, 2012

හොස්නි මුබාරක් යළිත් රෝහල්ගත කරයි

සිරගතව සිටින ඊජිප්තුවේ හිටපු ජනපති වන “හොස්නි මුබාරක්”ගේ  සෞඛ්‍ය තත්ත්වය යළිත් වරක් අයහපත් අතට හැරීම හේතුවෙන් ඔහුව “මාදි හමුදා රෝහලට” ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 

දැනට අසූහතර වන වියේ පසුවන මුබාරක් 2011 වසරේදී හටගත් උද්ඝෝෂණවලදී සිදුවූ මරණ වැළැක්වීමට ක්‍රියා නොකිරීම  හේතුවෙන්  ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටියි. ඉකුත් සතියේදී බන්ධනාගාරයේ නාන කාමරයේ ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල වලටද මාදි රෝහ‍ලේදී ඔහුට ප්‍රතිකාර ලැබිමට සිදුවූ බව කියැවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all