Photobucket

Friday, December 7, 2012

එක මුතුකම “මහරජ වැව” රකී

කැකිරාව රිටිගල කඳු පාමුල පිහිටි මහරාජා වැවේ බැම්ම කැඩී ගොස් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට පෙරේදා 05 හැකි විය. තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වරියගේ උපදෙස් මත පොලිස් නිලධාරින් හා යුධ හමුදා නිලධාරින් ප්‍රදේශ වාසීන් එක්ව විශාල පරිශ්‍රමයක් යොදා වැලි කොට්ට ගසා බැම්ම කැඩීයම වැළැක්වූහ. රිටිගල කන්දේ සිට මහරාජා වැව අසලින් යන නා ඇලේ ජලය හේතුවෙන් මහරාජා වැවේ වැව් බැම්මට හානි සිදු වී ඇත. 

වැව් බැම්මට හානි සිදු වී ඇති බව දුටු ප්‍රදේශ වාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මේ බව දන්වා ඇත. ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මියට මේ බව දන්වා ඇත. ප්‍රාදේශීය ලේකම් වරිය විසින් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජානක පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් සමඟ ගොස් මහාරාජා වැව නිරීක්ෂණයට ලක් කර වැවේ බැම්ම කැඩීයාමේ අවධානමක් තිබෙන නිසා එය යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අනුරාධපුර යුධ හමුදා කඳවුරේ ආඥාපති කර්නල් අතුල ආරියරත්න මහතා ඇතුළු සෙබළුන් 200 ක පමණ පිරිසක් පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව පෙරේදා සවස වැලි කොට්ට 2000 ක් පමණ අතුරා වැව් බැම්ම කැඩී ගිය ස්ථානය පිළිසකර කිරීමට කටයුතු කළහ. 
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all