Photobucket

Friday, December 7, 2012

මෙන්න ගුරුවරු

තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය හදිසි අනතුරකට පත් වුවත් වෙනත් වාහනයක් සොයා ගෙන විශ්ව විද්‍යාලයේ දේශණ කටයුතු සඳහා ගිය අපුරු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ගැන කරුවලගස්වැව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. කිරුලපන ප්‍රදේශයේ පදිංචි මොහාන් ජයලත් නම්වූ කථිකාචාර්යවරයා රජරට විශ්ව විද්‍යාලයේදී තමන්ට සිදු කිරීමට නියමිත දේශණයක් සඳහා තම පුද්ගලික මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇත. එම මෝටර් රථය (06)පෙරවරු 6.30 ට පමණ පුත්තලම අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේදී ලිස්සා ගොස් බෝක්කුවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.
 
මෙම අනතුරින් කථිකාචාර්යවරයාට හානියක් සිදුවී නැතත් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම කරුවලගස්වැව පොලීසියට දන්වා සහාය පතා ඇති කථිකාචාර්යවරයා තම වාහනය කරුවලගස්වැව පොලීසිය වෙත ගෙන යන ලෙස පොලිස් නිළධාරීන්ට දන්වා වෙනත් වාහනයක නැග තම දේශණය සඳහා පිටත්ව ගොස් ඇත.

ජුඩ් සමන්ත. 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all