Photobucket

Thursday, December 27, 2012

නත්ත‍ලේ අසිරිය කලඑළි කරන නත්තල් විශේෂාංග

නත්තල් කැරොල් ගී
නත්තල් කැරොල් ගී මුලින්ම ගායනා කර ඇත්තේ 1919 වසරේදීය. ෆ්‍රැන්සිස් සේවියර්තුමන් සහ       ජෝෂප් බෝර් යන  පියවරුන් නත්තල් කැරොල් ගීවල නිර්මාපකයන්  බව  පැවසේ. මෙම ගී ගැයීම සංස්කෘතිකාංගයක් ලෙස මේ වන විට කිතුනු බැතිමතුන් අතර ප්‍රචලිතව පවතී.  තුන්වන සියවසේ රෝමයේ විසූ කොන්ස්ටයින් අධිරාජ්‍යයා නත්තල් උළෙ‍ලේ ආරම්භකයා ලෙස සලකන අතර ක්‍රි.ව. 336 දෙසැම්බර් 25 දා රෝමයේ ප්‍රථම නත්තල් උළෙල පවත්වා ඇත.

 නත්තල් සීයා
නත්තල සමග පැමිණෙන සුවිශේෂ පුද්ගලයාය. මෙමගින් පරෝපකාරය, දිළිඳුන්ට සංග්‍රහ කිරීම, සමානාත්මතාව, සමගිය වැනි යහගුණාංග ප්‍රචලිත වේ. කුඩා දරුවන් අතර විනෝදයක් ලෙසටද නත්තල් සීයා ඵක්ව සිටී. නත්තල් සීයාගේ කතා පුවත තුර්කියේ මයිරා යන නමින් ඇරඹී ඇත. එහි සිටි සාන්ත නිකලස්තුමා මෙහි  ආරම්භකයා වන අතර ඔහු විසින් ආහාර පාන ආදිය බෙදාදීම ඇරඹීය. තම ධනය අවසන්වන තුරුම මෙම සත් කාර්යයේ යෙදුණු හෙතෙම ක්‍රි.ව.  341 දෙසැම්බර් මස 6 වනදා මිය ගියේය. ඔහු මියගියද අද දක්වාම නත්තල් සීයා නත්තල් සමයේ අප අබියසට පැමිණීම නැවතී නැත. 

නත්තල් සීයාගේ මුහුණ වැසී තිබෙන්නේ ඝන දිග සුදු රැවුලකිනි.  මුහුණ පියකරු සිනහවක් රැඳී ඇත. වයසට ගියද ප්‍රියමනාප පෙනුමකි. රතු ලෝගුවකින් සිරුර වසාගෙන ත්‍රිකෝණාකාර උස් වූ තෝප්පියක් පැළඳ සිටී. නත්තල් සීයා පැමිණෙන්නේ පිනි මුවන් විසින් අදිනු ලබන කරත්තයකින්  සිය සේවකයකු වූ ජෙට් ද සමගිනි.

නත්තල් සීයා එල්ලා ගෙන එන විශාල පැසෝ් විවිධ සෙල්ලම් බඩු ඇඳුම් පැළඳුම් සහ රසවත් කැවිලි පෙවිලි ඇත. මේවා වැඩි වශයෙන් බෙදා දෙනු ලබන්නේ දුප්පත් දරුවන් වෙතටය. ඒ ඔවුන්ට අනෙක් දරුවන්ට මෙන් සතුටින් අවුරුදු කෑමට හැකි වන්නටය. නෙදර්ලන්තයේ ළමුන් නත්තල් දාට පෙරදා  රාත්‍රියේ පිදුරු සහ කැරට් අල පුරවන ලද සපත්තු නිවෙස්වල දොරටුව  අසල තැබිමට පුරුදුව සිටිති. පිදුරු නත්තල් සීයාගේ පිනි මුවන්ට වන අතර කැරට්  ඔහු සමග එන සේවකයාටය.  

නත්තල් පත
නත්තල් පතද ලොකු කුඩා  සැවොම නත්තල් සමයේ  පරිහරණනය කරන්නකි. ලොව මතෛක් නිපද වූ වටිනාම සුවිශේෂ  නත්තල් පතේ උස අඟල් 13කි. පළල අඟල් 12කි. එහි විශේෂය වනුයේ එය ඇත් දලයකින් නිපදවා තිබිමය. බැරෝඩාවේ කුමාරයා විසින් සාදන ළද මේ නත්තල් පත දියමන්ති 14ක් ඔබ්බවා  අලංකාර කර ඇත.

ලොව මතෛක් නිපද වූ කුඩාම නත්තල් පත නම් හාල් ඇටයකි. වේල්ස් කුමරුට 1920 දී මෙම විශේෂ නත්තල් පත යවන ලද්දේ ලන්ඩනයේ පාන් බේකරිකරුවකු විසිනි. වචන 22ක සුබ පැතුමක් මෙම හාල් ඇටයේ ලියා තිබුණු බව ඇසූ විට ඔබ පුදුමයට පත්වනු නියතය.
 
ගවලෙන්
බැතිමත්හු තම තමනට හැකි අයුරු ගවලෙන් තැනීමට නත්තල් සමය යොදා ගනිති. එයට හේතුව ජේසු බිලින්දා ගවලෙනකදී උපත ලැබිමය.

මුලින්ම ගවලෙන් තැනීමේ සිරිත ආරම්භ කරන ලද්දේ අසීසියේ ශාන්ත ප්‍රැන්සිස්තුමන් විසින් 1223  අවුරුද්දේදී එතුමා මුල්ම ගවලෙන විශාල කැලෑවක  තනා එයට ජීවමාණ එළු, බැටළු ආදී සතුන් පිරවූ බව වාර්තාවේ. එතුළ රිදී තොටිල්ලක් තනා එය තුළ  ජේසු බිලිිඳුන්ගේ කුඩා පිළිරුවක් තබා ඇත. නත්තලට පෙර දින සවස වනවාසි තවුසන් සහ ගැමියන් පෙරහරකින් මෙම ස්ථානයට පැමිණි ඇති අතර එහිදී ප්‍රැන්සිස්තුමන් පැමිණි අයට දේශනයක් පවත්වා නත්තල් සිරිත ගැන කියාදී ඇත.. එතැන් පටන් හැකි අයුරින් ගවලෙන් තැනීමට කතෝලිකයින්  පුරුදු වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all