Photobucket

Thursday, December 27, 2012

අධික සීතලෙන් රුසියාවේ 123ක් මරුට

රුසියාවට බලපා ඇති දරුණු ශීත කාලගුණය හේතුවෙන් පසුගියදින දහයේදී පමණක් ජීවිත 123 ක් අහිමිව ඇති බව ප්‍රකාශිතය.

මොස්කව් අවට ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 දක්වාද නැ‍ඟෙනහිර සයිබිරියාවේ ඍණ 60 දක්වාද පහළ බැස ඇත.

මේ ශීත ඍතුවේ ආරම්භයේ පටන් මේ දක්වා 123 දෙනකු මියගොස් ඇත්තේ අධි ශීතය නිසා ඇතිවන තුවාල හේතුකොටගෙනය. තවත් 833 දෙනකු මෙවන් තුවාල හා ශරීර උෂ්ණත්වය පහළ වැටීම නිසා රෝහල් ගතකර තිබේ. පසුගිය 24 පැයේදී පමණක් 123දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් 14දෙනකුම ළමයින් බවත් සඳහන්ව තිබේ.

දරුණුම ශීත තත්ත්වයක් උද්ගතව ඇති දකුණු සයිබීරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රාදේශිය බලශක්ති මධ්‍යස්ථානයක් ක්‍රියා විරහිත වීමෙන් 4000 ක පමණ පිරිසක් විපතට පත්ව ඇති අතර පාසල් ගොඩනැඟිලි ආදියේ රඳවා ඇති ඔවුන්ට හදිසි තාප පද්ධති මගින් උණුසුම ලබා දෙන බව පැවසේ.
ඔවුනට ජලය පවා නොපවත්නා අතර හිම දියකර ජලය ලබාගන්නා බව පැවසී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all