Photobucket

Thursday, December 27, 2012

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම අඩි අටක් ගිලා බසී

පරාක්‍රම සමුද්‍රයේ හෙරමුදු වැව ප්‍රදේශයේ වැව් බැම්මේ පිට පැත්තේ අඩි අටක පමණ ගිලා බැසීමක් වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති. අක්කර අඩි 110,000 දරා සිටින පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අවදානම් සහගත තත්ත්වයකට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳ   වාරි මාර්ග නිලධාරීන් සැලකිල්ලක් දක්වා නොමැති බවත්, ඔවුහු චෝදනා කරති. 

 පවතින තත්ත්වය පිළිබඳ ‍පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්. පී. කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා සඳහන් කළේ මේ ස්ථානයේ වැව් බැම්මේ පිට පැත්තේ තිබෙන ගිලා බැස්ම පසුගිය සමයේ වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය මගින් වැව් බැම්මේ පිටපැත්තේ අතුරණ ලද පස් ස්ථරය සෝදාගෙන ගොස් ඇති බවයි. 

අධික වැසි හේතුවෙන් මාර්ගයේ ගලා ගිය ජල පහරින් එසේ සෝදාගොස් ඇති බවත්, එය පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, හෙතෙම වැඩිදුරටත් පැවැසීය. කෙසේ වෙතත් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ වියළි ආරක්ෂණ ව්‍යාපෘතිය මගින් යෙදූ පස් ස්ථරය ශක්තිමත් නැති බවත්, ඒ නිසාම මෙම ස්ථානයේ අඩි අටක පමණ ගැඹුරින්  සහ අඩි තුනක පමණ වට ප්‍රමාණයකින් යුත් වළක් හෑරීමට අමතරව ඒ ආශ්‍රිතව  කිහිප තැනකම මෙසේ සෝදාගෙන ගොස් ඇති බවත් ගොවීහු චෝදනා කරති. පවතින අවදානම් සහගත තත්ත්වය මගහැරවීමට වහාම බලධාරීන් ක්‍රියා කළයුතු බව ගොවීහු පෙන්වා දෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all