Photobucket

Sunday, December 2, 2012

මුතුරාජවෙල ගබඩාවේ තිබූ කෝටි එකහමාරක තෙල් පිල්ලි ගහලා!

මැලේසියාවෙන් ආනයනය කර මුතුරාජවෙල ගබඩා කර තිබූ රුපියල් ලක්‍ෂ එකසිය අසූවකට වඩා වටිනා ලිහිසි තෙල් තොගයක්‌ අතුරුදන් වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව කළ අභ්‍යන්තර විගණනයකදී හෙළි වී තිබේ.

මැලේසියාවේ හයිරෙක්‌ස්‌ වෙළෙඳ නාමය සහිත මෙම තෙල් තොගය සිපෙට්‌කෝ (CEPETCO) ලාංඡනය සහිතව වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබියදී කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ විසින් බැරල්වල තිබූ ලිහිසි තෙල් හොර පාරෙන් විකුණා දමන්නට ඇතැයි මුතුරාජවෙල ගබඩා පර්යන්තයේ ප්‍රධානියකු කියා සිටියේය.

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන ලිහිසි තෙල්, පෞද්ගලික සමාගමකට විකුණන බැවින් මැලේසියාවෙන් ආනයනය කරන ලිහිසි තෙල් සිපෙට්‌කෝ ලාංඡනය සහිතව වෙළෙඳ පොළට නිකුත් කරන බවත්, ගබඩාවල තිබූ ලිහිසි තෙල් තොගය අතුරුදන්ව තිබීම පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අවශ්‍ය තරම් ලිහිසි තෙල් හා පෙට්‍රල් හා ඩීසල්a තොග නැති මුත් ඉදිරි වසර පහකටම අවශ්‍ය ග්‍රීස්‌ තොගයක්‌ ගබඩාවල තිබීම පිළිබඳව ද සොයා බලන ලෙස එම නිලධාරියා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all