පොල්ගහවෙල මාවත්ත ඉහළගම ප්‍රදේශයේ ඉඩමක ගල් වැටි දැමීමේ යෙදී සිටි අයෙකුට
ඉපැරැණි පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන අඟල් නවයක් උසැති දඹ රන් යැයි
සැලකෙන බුදු පිළිමයක් හමුවී ඇත.
මේ බුදු පිළිමය හමුවී ඇත්තේ මාවත්තේ ඉහළගම පදිංචි එන්. එච්. ගුණදාස නමැති
අයකුටය.
හෙතෙම ඒ ගැන මෙසේ කීවේය.

ඊට පස්සේ මේ කියපු දිනයට මේ
පිළිමය හම්බවෙනවා කීවා. ඒක හම්බ වුනාම කහ වතුරෙන් හෝදලා මම ගෙදර මල් පූජා කරන
තැන තිබ්බා. පස්සේ මට හීනෙන් කියපු විදිහට මේ පිළිමය පූජනීය ස්්ථානයකට බාර දිය
යුතුව තිබුණා.
මම ගමේ කිහිප දෙනෙක් සමඟ එකතු වෙලා අපේ ගමේ පන්සල වන මාවත්ත
ස්වර්ණබිම්බාරාමයේ නායක ස්වාමීන් වහන්සේ වන හුබත්ගමුවේ සංඝරක්ඛිත
හාමුදුරුවන්ට භාර දුන්නා. ඒ වෙලාවේ අපේ ගමේ ග්‍රාමසේවක මහතාත් එතැනට ඇවිත්
හිටියා.

පොල්ගහවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්
මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්,
මාවත්ත ස්වර්ණබිම්බාරාමයේ නායක ස්වාමීන් වහන්සේ වන හුබත්ගමුවේ සංඝරක්ඛිත
හාමුදුරුවෝ අපට මේ පිළිම වහන්සේ බාර දුන්නා.
මේ පිළිමයේ ඓතිහාසික වටිනාකමක්
තිබෙන බව තමයි බාර දුන් අයගේ අදහස. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
දැනුවත් කොට තිබෙනවා.
ප්‍රදේශයේ පුරාණ විහාර කිහිපයක් පසුගිය දිනවල නිදන්
සොරුන් විසින් බිඳ තිබුණා. ඒ පිළිබඳවත් අවධානය යොමුකොට මේ පිළිම වහන්සේ හමු
වීම පිළිබඳව තව දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.
0 comments:
Post a Comment