Photobucket

Thursday, December 6, 2012

අළුත්ම පාපැදියේ නැගී ගිය සිසුන් දෙදෙනා දුම්රියේ ගැටී මියයති

ගාල්ල , තල්පේ ප්‍රදේශයේදී අද  දහවල් පාපැදියකින් යමින් සිටි ළමුන් දෙදෙනෙක් දුම්රියක ගැටී මරුමුවට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ හය හැවිරිදි දිසානායක මුදියාන්සේලාගේ නිවන් සත්සර නැමැති තල්පේ, අබේධාන විදුහලේ සිසුවෙක් සහ හීනටිගල ආරච්චිගේ රශ්මික මධුෂාන් නැමැති 11 හැවිරිදි තල්පේ සුගතානන්ද විදුහලේ සිසුවෙකි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීග්‍රාගාමි දුම්රියේ මෙම සිසුන් දෙදෙනා පාපැදිය සමග ගැටී ඇත්තේ තල්පේ, පනන්දූව,78 පාරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදීය. මෙම ළමුන් දෙදෙනාගෙන් කෙනෙකුට දෙමව්පියන් විසින් අළුතින් පාපැදියක් මිලදී ගෙන දී තිබේ. එම අළුත්ම පාපැදියේ නැගී ගමන් කරමින් සිටියදී අද පස්වරු 2ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
 රෂ්මික මධුෂාන්

නිවන් සත්සර

මරු සොයා ගිය බයිසිකලය 

 මරණ පරීක්ෂණ සඳසා පැමිණෙමින්

 මියගිය රෂ්මික මධුෂාන්,නිවන් සත්සර ගේ සිරුරු
කමල් විජේහේවා (ගාල්ල)
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all