මිල්ලනියේ, හල්තොට, ලෙනවර, මැනිකුලම්නන්ද ජල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා
පවුල් 35ක් පමණ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.
ඉතා උස් කඳු සහිත ප්‍රදේශයක් වන මේ ගම්මානයේ වැසියන්ට තම ඉඩම්වල ළිං කපා ගැනීම
දුෂ්කර වී ඇත්තේ බඹ ගණනාවක් පොළව හෑරීමට සිදුවීමත් ගල් හමුවීමක් නිසාය.
ඔවුන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙසට වසර 5කට පමණ පෙර ජල
ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

අරුණ ශාන්ත මහතා - අවුරුදු 5ක් වෙනවා ජල ව්‍යාපෘතිය පටන් අරන්, වතුර ලීටර 30,000
කට මුලින් ටැංකිය ගහන්න හැදුවේ. කණු බැඳ සැටලිම දමා ටැංකිය වටේ දැල් ගැහුවා.
එයට ගෙනාව යකඩ ටික දිරලා ගියා. පස්සේ ලීටර් 10,000 ප්ලාස්ටික් ටැංකියක් දුන්නා.
ඒත් මෝටරයක් නැතුව වතුර ගන්න විදියක් නෑ.
වහලෙන් වැටෙන වතුර පීල්ලක් දිගේ එකතු වෙන්න වළක් කපා ගෙන තියෙනවා.
එය පිරෙන්නත් හැමදාම වහින්නේ නැති නිසා ඒකෙත් වතුර නැහැ.
හල්තොට සමූහ
විනීතා මානෙල් ගමගේ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment