Photobucket

Tuesday, December 4, 2012

දැඩිමුණ්ඩ දෙවියන්ගේ කුකුළු හොරා නගරයේ දී පොලිසියට මාට්ටු

කතරගම කිරිවෙහෙර අසල පිහිටි දැඩිමුණ්ඩ දේවාලයේ නාඹර කුකුළන් සොරකම් කළ පුද්ගලයා කතරගම පොලිසිය විසින් කොටු කරගෙන තිබේ. 

පසුගිය දා කුකුළෙක් ගෙන සැකකටයුතු ලෙස කතරගම නගරය හරහා ගමන් කරන අයෙකුපොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්ව තිබෙන අතර එහිදී ඔහු කියා ඇත්තේ දැඩිමුණ්ඩ දේවාලයට භාර ඔප්පු කළ පසු දමාගිය කුකුළන් 40 ක් පමණ විටින් විට සොරකම් කොට අලෙවි කළ බවයි. බොහෝ බැතිමතුන් භාරහාර ‍උදෙසා දැඩිමුණ්ඩ දේවාලයට නාඹර කුකුළන් පූජා කරන අතර උන් දේවාල පරිශ්‍රයේ ම ජීවත්වෙයි.රාත්‍රී කාලයට අවට වන අරලිය ගස්වල ලඟින කුකුළන් අල්ලා ගැනීම අපහසු නොවේ . සැකකරු ගෙනගොස් ඇත්තේ එලෙස භාර හාර කරන ලද කුකුළන්ය.
 
අනුර හොරේසස් / කේ. ඩී දේවප්‍රිය - කතරගම 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all