Photobucket

Tuesday, December 4, 2012

ගුරු-විදුහල්පති සංගම් 11 ක්‌ අද වෘත්තීය සටනේ

ඉල්ලීම් කීපයක්‌ මුල් කර ගනිමින් ප්‍රධාන පෙළේ ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් 11 ක්‌ ඒකාබද්ධව මෙහෙයවන ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (04 දා) පවත්වන බව සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්Æසේකර හිමියෝ පවසති.
මෙම සංගම්වලට අයත් ගුරුවරුන් හා විaදුහල්පතිවරුන් එක්‌ලක්‍ෂ අසූදහසක්‌ පමණ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්‌වන බව ද උන්වහන්සේ සඳහන් කළහ. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය,  ජාතික ගුරු සංගමය ඇතුළු සංගම් 11 ක්‌ මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන අතර සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ඇතුළු තවත් සංගම් කීපයක්‌ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගි නොවේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට මෙම සංගම් මීට මාසයකට පමණ පෙර තීරණය කළේ හිඟ වැටුප් ලබා නොදීම, උසස්‌වීම් ක්‍රියාත්මක නොකිරීම, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම නිසාය.

දේශපාලන අවශ්‍යතා මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබිණි.

නිලන්ත මදුරාවල
දිවයින ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all