Photobucket

Tuesday, December 4, 2012

දොෂාභියෝග පෙත්සම විභාගයට ශේ්‍රෂ්ඨාධිකරණය දින නියම කරයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග චෝදනා කථානායවරයා විසින් පත් කළ තේරීම් කාරක සභාවක්‌ හමුවේ විභාග කිරීම ව්‍යවස්‌ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3 දා) තීරණය කළේය.

පෙත්සම් විභාගය ලබන වසරේ ජනවාරි 21 දා ආරම්භ කිරීමටද නියම කෙරිණි.

පෙත්සම ඊයේ සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ නිමල් ගාමිණී අමරතුංග මහතා සඳහන් කළේ පෙත්සමෙන් කියා සිටි පරිදි දොaෂාභියෝග චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(3) වගන්තියට අනුකූලද, ඉන් අගවිනිසුරුවරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙයිද යන ප්‍රශ්න දෙකට පමණක්‌ විභාගය සීමාකරන බවයි.

ප්‍රියසාද් ඩෙප් මහතා හා ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුවේ කථානායකට සහ විශේෂ කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනාටම නොතීසි නිකුත් කර තිබුණත් ඔවුන් කිසිවකු ඊයේ උසාවියට පැමිණ සිටියේ නැති අතර ඔවුන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියේද නැත.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බිම්බා තිලකරත්න මහත්මිය පෙනී සිටි අතර පෙත්සම විභාගයට නියම කිරීම ගැන ඇය දැඩි විරෝධය ප්‍රකාශ කර සිටියාය.

ඇය කියා සිටියේ අගවිනිසුරුවරියට එරෙහිව ආරම්භ කර ඇති දොaෂාභියෝග චෝදනා පිළිබඳ විභාගය පාර්ලිමේන්තුවේ තීරණයක්‌ මත ගත් ක්‍රියාදාමයක්‌ බැවින් ඊට කිසිදු ආකාරයකින් මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ වෙනත් අධිකරණයකට බලයක්‌ නැති බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් විනිසුරු මඬුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහමඩ් මහතායි. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

ඔහු කියා සිටියේ අගවිනිසුරුවරියට එරෙහි දොaෂාභියෝග චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකින් නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌aථාව යටතේ පිහිටුවනු ලබන උසාවියකින් හෝ විනිශ්චය සභාවකින් බවයි.

රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ සකස්‌ කළ චෝදනා තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකු විසින් අගවිනිසුරුවරියට දී ඒ චෝදනා වැරදිනම් ඔප්පු කරන්නැයි ඇයට කියා සිටීම සාධාරණ නඩු විභාගයක්‌ පැවැත්වීමක්‌ නොවන බවත් ඔප්පුවී ඇති චෝදනා ලෙස ඉන් හැඟීමක්‌ ඇති වෙන බවත් ජනාධිපති නීතිඥ මොහමඩ් මහතා කීය.

සරත් ධර්මසේන
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all