Photobucket

Thursday, December 6, 2012

ලෝක විනාශය

ලොව ප්‍රබල නායකයකුට අනපේක්‍ෂිත ඛේදවාචකයක් දෙසැම්බර් 4දා සිට 14දා දක්වා ස්වාභාවික විපත් වැඩි කාලයක් අමෙරිකාව වැනි ප්‍රබල රටවලට බලපෑම වැඩියි.

ලොව උසම කඳුවැටිය මුහුදු රළ පහරකින් යටවී යනු ඇතැයි යමෙකු ඔබට පැවැසුවහොත් ඔබ වික්‍ෂිප්ත වනවාට සැක නැත. ලොව උසම ගොඩනැඟිලි පෙරළීම් සිතට නැඟෙන විට ඇතිවන හැඟීම් වචනවලින් විස්තර කිරීමට නොහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එහෙත් එසේ ත්‍රාසය භීතිය මුසුකරමින් මුහුදු රළ පහරකින් ප්‍රබල විනාශයක් සිදුකරන ලබන ආකාරය "රොනල්ඩ් එවර්රිච්" අධ්‍යක්‍ෂණය කරනු ලැබූ 2012 සිනමා සිත්තම ගෙනහැර දක්වයි. විද්‍යාව, තාක්‍ෂණයේ දියුණුව මොනවට විදහාපාමින් නිපදවූ මෙම චිත්‍රපටයට අනුභූතිය වී ඇත්තේ 2012 සිදුවීමට නියමිත යැයි පැවසෙන ලෝක විනාශය වේ. ඒ අනුව සිතන විට කළුතර සිටින අම්මාටත් පොළොන්නරුවේ සිටින තාත්තාටත් ඩුබායිවල සිටින දුවටත් අමෙරිකාවේ සිටින පුතාටත් ඒකම දිනක මෙම ව්‍යසනයෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන බවත්ය.

ක්‍රි.පූ. 05 වැනි සියවසේදී පමණ මැක්සිකෝවේ සිටි "පාකර්වෝටන්" නම් දාර්ශනිකයා විසින් මෙම අදහස මුලින්ම ඉදිරිපත් කර ඇති අතර මේ වන විට පෙරදිග අපරදිග සෑම රටකම මේ සිදුවීම වෙමින් පවතී. විශ්වයේ විනාශය නොහොත් "ලෝකාන්තිමය" අද බොහෝ දෙනා අතර පවතින උණුසුම් මාතෘකාවක් වී තිබේ. අන්තර්ජාලය "ච්ර්ණීර්ණීර්ඉ ච්ඒක 2012" නමින් වෙබ් පිටුවක් වෙන්වී ඇති අතර අද වන විට එය විශාලතම ප්‍රේක්‍ෂක ග්‍රහණයක් වී තිබේ. ච්ර්ණීර්ණීර්ඉ ච්ඒක යනු මරණයේ දිනය අවසාන තීන්දුව දෙන දිනය. අවසාන විනිශ්චය වන දිනය ලෙසින් අර්ථ දැක්විය හැකිය.

මායා සංස්කෘතිය ඉතාමත් දියුණු ගණිත ක්‍රම භාවිත කරන ලද අතර ඔවුන් "සොලොකින්" හා "හාබි" යන දින දර්ශන දෙකක් භාවිත කරන ලද අතර එම දින දර්ශනයේ අවසානය 2012.12.21 දින සිදුවීමට නියමිත බැවින් එම දිනයේදී ලෝක විනාශයක් සිදුවන බව දශක කිහිපයක පටන් ජන සමාජය තුළ මුල්බැසගත් මාතෘකාවක් වී තිබේ. මායාකරුවන්ගේ අනාවැකි කෙසේ වුවත් වර්ෂ 2012 අවසන් මාස කිහිපය ගෙවීයන මොහොතේ ග්‍රහ තත්ත්වය පිළිබඳ එතරම් සෑහීමකට පත්විය නොහැක.

සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ මෙන්ම ග්‍රහයන් විකලත්වයට පත්ව ඇති මෙම මාස කිහිපය ස්වාභාවික විපත් බහුල කාලයකි. දේශගුණික, කාලගුණික විපත්තීන් ප්‍රබලව ඇති. "සැන්ඩි, 'නීලම්' භීතිකාව අප වටා සැරිසරන මොහොතේ මායාවරුන් කීදෙය සත්‍යවන්නට යනවා යන සිතුවිල්ල නිරන්තරයෙන් ඉස්මතු වේ. මෙහිදී විශේෂයෙන් සෙනසුරු, රාහුගේ නැකැතකට ප්‍රවේශ වීම එතරම් යහපත් නොවේ. රාහු, වෘශ්වික රාශිත් නීච ස්වභාවයෙන් ගමන් කරනු ලබයි. ලෝකායන කේන්ද්‍රයට අනුව රාහු 08 වැන්නේ ගමන් කිරීම ඉතාමත් අශුභ වන අතර ලොව ප්‍රබල නායකයකුට අනපේක්‍ෂිත ඛේදවාචකයකට මුහුණදීමට සිදුවේ. මෙම අහිතකර තත්ත්වය 2013 නොවැම්බර් 05 දින දක්වාම පවතින අතර නොවැම්බර් 14 දින සිදුවන සූර්යග්‍රහණයත් 28 දින සිදුවන චන්ද්‍රග්‍රහණයත් හේතුකොට ගෙන පරිසර විනාශයන් ප්‍රබල කරනු ලබයි.

කුණාටු, ගංවතුර, නායයෑම් වැනි තත්ත්වයන්ට අමතරව ප්‍රබල භූකම්පා පවා ලෝකයෙන් අපට අසන්නට ලැබෙනු ඇති අතර මහජනතාව තුළ පවතින ආවේගශීලී ගති ප්‍රබල කෙරේ. යුද බිය, ගිනිබිය ඉහළයෑමේ වැඩි ඉඩක් පවතී. බොහෝ රටවල ආර්ථිකයට ප්‍රබල බලපෑම් ගෙනදේ. ආගම් අතර ඇති සංහිඳියාවට තදබල පීඩා ගෙනදේ. අමෙරිකාව වැනි ලොව බලවත් රටවලට තදබල ලෙසින් අහිතකරතා මෙම ග්‍රහ පිහිටීම් තුළින් දක්නට පිළිවන.

කෙසේ වෙතත් දෙසැම්බර් 04 දින සිට 14 දින දක්වා කාලය ලෝකයට ස්වාභාවික විපත් බහුල කිරීමට හේතුවේ. එමෙන්ම වෙනත් ග්‍රහ වස්තුවක් පෘථිවිය මත ගැටී ලෝක විනාශයක් සිදුවන බව තව මතයක් වී තිබුණද විද්‍යාව, තාක්‍ෂණය ඉතාමත් දියුණු මෙවන් කාලයක එවැනි පිටස්තර ග්‍රහවස්තූන් හඳුනාගැනීමට හැකි තාක්‍ෂණික මෙවලම් ලෝකයේ පැවතීම නිසා අප හට අනියත බියක් ඇති කරගත යුතු නොවේ. එසේ නම් 2012 දෙසැම්බර් ලෝක විනාශයක් නොවුණත් ලොකු විනාශ වීමේ ඉඩකඩ පවතී. මායාවරුන්ගේ කැලැන්ඩරය දෙසැම්බර් 21 දිනෙන් අවසන් වුණාට අපගේ රෝමානු කැලැන්ඩරය දිගටම පවතිනු ඇත.

එමෙන්ම සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතිනවා සත්‍ය නම් අප හට බියවීමට හේතු නොවේ. යහපත් කටයුතුවලින් මනුසත් බව පෙරටු කරගෙන තම ආගමට ජාතියට රටට යහපත් වන ලෙස කටයුතු කරන අයට 2012 දෙසැම්බර් 22 වැනි දින හිමිදිරියේ සීතල අරුණලු පහස භුක්තිවිඳීමට හැකිවන බව නොඅනුමානය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all