Photobucket

Thursday, December 6, 2012

දෙමාපියෝ අදත් පාසල සියතට ගනී

ගල්මුල්ල පාසලේ හයේ සිට එකොළහ දක්වා පන්ති වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව අදත්(06)බකමූණ ගල්මුල්ල පාසල ආක්‍රමණය කොට ,ගුරුවරු පාසැල තුලට දමා සිරකොට දෙමාපියන් විසින් දැවැන්ත විරෝධයක් පවත්වනු ලැබයි. ඊයේ දිනයේ විදුහල්පති හා ගුරු මණ්ඩලය පාසැල තුලට දමා වසා දමන්නට උද්ඝෝශකයින් කටයුතු කළ අතර මානසිකව කල්පනා කොට පස්වරුවේ ඔවුන් නිදහස් කොට තිබේ. අදත් තත්ත්වය ඊයේ මෙන්ම සිදුව තිබෙන අතර විදුහල්පති හා ගුරු මණ්ඩලය පාසැල තුලට දමා ගේට්ටු වසා තිබේ.මේ අතර හිගුරක්ගොඩ,බකමූණ,හබරණ පොලිස් බල ඇණි 3ක් පාසැලට එවා තිබේ.විරෝධතාකරුවන්ගෙන් 6දෙනෙක් හිගුරක්ගොඩ කලාප කාර්යාලයට ගෙනගොස් සාකච්ඡාවක් සදහා පසුබිම සකසා තිබෙන බව පොලිසිය පවසයි.

මේ උද්ඝෝෂණයට දෙමාපියන් මෙන්ම සිසුන්ද එක්ව සිටී.සටන් පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණය කරන අතර පිරිසක් විදුහලේ වහලය මතට නැගී සිය විරෝධය දක්වන්නට විය.දුෂ්කර මාවතක් තුල සිය දරුවන්ට වෙනත් පාසලකට යා නොහැකි බව පවසන දෙමාපියෝ අලින් ගැවසෙන මාර්ගයක දරුවන් පාසැල් යවන්නේ කෙසේදැයි විමසති. පාසැලේ සිසුන් 458ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 16දෙනෙක් සිටී.
විදුහල්පතිගෙන් විමසූ විට පැවසුවේ පාසලේ හයේ සිට එකොළහ දක්වා පන්ති වෙනත් පාසලකට මාරු කිරීම තමන්ගේවත් ගුරුමණ්ඩලයේවත් තීරණයන් නොවන බවත් තමන්ට කළ හැක්කක් නොමැති බවත්ය.

අශෝක එරමිණිගම්මන 
 ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all