Photobucket

Tuesday, December 18, 2012

මේ සමනල් පැටවුන්ට ගිනිබින්දේ මොන හිතකින්ද ...!

දරුවන් ඇතුලු
28 දෙනෙක්‌ මියගිය සැන්ඩි හූක්‌ පාසල්
වෙඩි තැබීම 

අදහාගත නොහැක්‌කේ ඒ සමනල් පැටවුන්ට ගිනිබින්දේ මොන හිතකින්දැයි කියාය. හයක්‌ හතරක්‌ නොදත් ඒ අහිංසකයෝ එක රෑනට මියගියහ. ඝාතකයා විසිහැවිරිදිය. හිරිමල් යෞවනයෙකි. ප්‍රේමය සිත ප්‍රමුදිත කළ යුතු අවධියක, ද්වේෂයෙන් හිත අවුලුවාගත් හේ සිය මව්ද මැරීය. ඒ පැටවුන් විසි දෙනාද මරා දැමීය. මව්ගේ සගයන්ද මරාදැමීය. අවසානයේ තමන්වද මරාගත්තේය. ඉකුත් සිකුරාදා ඇමරිකාවේ නිව්යෝක්‌ නගරයට සැතපුම් 65ක්‌ එපිටින් පිහිටි නිව්ටවුන්හී සැන්ඩි හූක්‌ මූලික පාසල දෙසින් නැගුණු වෙඩි හඬෙහි සමාප්තිය සටහන් වූයේ එසේය. ඒ වෙඬි හඬ ඇසුනේ නිව්ටවුන් දෙසට පමණක්‌ නමුදු ඒ පිටව ගිය වෙඩි උණ්‌ඩවල දෝංකාරය මුළු ලොවම සලිත කළේය. එය මෑත යුගයේ ඇසුණු ලොව ෙ€දනීයම ප්‍රවෘත්ති කිහිපයෙන් එකක්‌ විය. ඇෆ්ගන් පකිස්‌තාන දේශ සීමාවේ පිහිටි හද්දා පිටිසර ගම්වලට උඩින් පියාඹා යන ඇමරිකානු ෙඩ්‍රාaන් ප්‍රහාරක යානා වලින් විදෙන මිසයිලවලින් මෙයට වැඩි දරුවන්, නිරායුධ මිනිසුන් ප්‍රමානයක්‌ මියගොස්‌ තිබෙනවා වන්නට පුළුවන, ඇමෙරිකානු සවියෙන් ඊශ්‍රායලය විසින් එල්ල කරනා ප්‍රහාරවලින් මෙයට වඩා කිහිපගුණයක්‌ පලස්‌තීන දරුවන් මියගියා වන්නට පුළුවන, ඇමරිකානු තුවක්‌කු කටවල්වලින් නිකුත් වූ වෙඩි උණ්‌ඩවලින් ඉරාකයේ, ඇෆ්ගනිස්‌තානයේ මෙයට වඩා දරුවන් මියගියාවන්නට පුළුවන, ඒ බව ඇමරිකාවට නොදැනෙන්නේ වුවද මේ ඇමරිකානු දරුවන්ගේ, නිරායුධ මිනිසුන්ගේ වියෝව සමස්‌ත ලෝකයේම හදවත් සසල කළේය.

සැන්ඩි හූක්‌ මූලික පාසල යනු පෙරපාසල් වයසේ සිට සිව්වැනි ශ්‍රේණිය දක්‌වා වූ හෙවත් වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් 700ක්‌ ඉගෙනගනු ලැබූ තැනකි. මේ පාසල පාලනය කළේ ඩෝන් හූක්‌ස්‌ප්‍රන්ග් නම් 47 හැවිරිදි කාර්යශූර විදුහල්පතිනියක විසිනි. ඒ විදිහල්පතිනියද ඉතාම කරුණාවන්ත තැනැත්තියක විය. ඇය සිය නිවසේදී තමන්ගේම දියණියන් දෙදෙනකුටද, තමන්ගේ කුසින් නූපන් දියණියන් තිදෙනකුටද, පාසලේදී ඒ දරුවන් හත්සිය දෙනාටමද සෙනෙහෙබර මවක්‌ වූවාය. වැඩිදුර අධ්‍යාපනය ලබමින් එයින් උගත් ළමා අධ්‍යාපන ක්‍රමවේදයේ නූතන උපක්‍රම හැමවිටම පාසලට හඳුන්වාදුන් ඇය සිය පාසල් දරුවන්, ගුරුවරුන් ආදී සියලු දෙනාව හැමවිටම හඳුන්වන ලද්දේ 'සැන්ඩි හූක්‌ පවුල' නමිනි.

ඉකුත් දිනක ඇය 'සැන්ඩි හූක්‌ පවුලේ' ආරක්‍ෂාව වැඩි කිරීම පිණිස පියවර කිහිපයක්‌ අනුගමනය කිරීමට සිදුවෙන බවට නිවේදනයක්‌ නිකුත් කළේ දෛවය විසින් තමන්ට කළ ඉඟිකිරීමක්‌ නිසාදැයි පැනයකි. ' අපේ පාසලේ ආරක්‍ෂාව වැඩි කිරීම පිණිස පියවර කිහිපයක්‌ ගැනීමට සිදුවනු ඇත. ඒ අනුව ඉදිරියේදී පෙරවරු 9.30 වන විට පාසලේ සියලු පිවිසුම් ගේට්‌ටු වසා දමන අතර එම වේලාවෙන් පසු කිසිවෙකු පාසලට ඇතුළුවන්නේ නම් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුවේ' යෑයි ඇගේ නිවේදනයේ සඳහන් විය.

එහෙත් එම නිවේදනය නිකුත්ව දින කිහිපයක ඇවෑමෙන් හෙවත් ඉකුත් සිකුරාදා පෙරවරු 9.30 පසුව විනාඩි කිහිපයක්‌ ගෙවීයද්දී මහා මර ලතෝනියක්‌ මැදින් එක දිගට වෙඩි හඬවල් සියයක්‌ පමණ ඇසුණි. ලෝක ඉතිහාසයට එකතුවෙන මහා ළදරු සංහාරයක්‌ සිදුවිය.

ඝාතකයා එම පාසලේම ගුරුවරියකගේ පුතෙකි. ඇඩම් ලන්සා නම් මේ පාපතරයා විනාඩි කිහිපයක්‌ තුළ සිදුකළ මේ මිනීමැරුම් මාලාව ආරම්භ කර තිබුණේ තමන්ගේම මවගේ දිවි තොරකරමිනි. ධර්මයට අනුව නම් එය මිනිසකු අතින් සිදුවිය හැකි බරපතළම පාපයකි. ඒ ආනන්තරීය පාපකර්මය හෙවත් 'මව් මැරීමෙන්' ඝාතනය ඇරඹූ ඒ ලේ පිපාසිතයාගේ පිපාසය නොසන්සිඳුණි. 'ග්ලෝක්‌' සහ 'සිග් සෝ' වර්ගයේ පිස්‌තෝල දෙකකින්ද දශම223 කැලිබර් වර්ගයේ රයිµලයකින්ද සන්නද්ධ වූ ඝාතකයා මවගේ මෝටර් රථය පදවාගෙන පාසල වෙත ගියේ මාරාවේශයෙනි.

පෙරවරු 9.30න් පසු පාසලට ඇතුළුවීමට යොදා තිබූ බාධක පාසලේ ගුරුවරියකගේ රථයට අදාළ නොවීම ඝාතකයාට සිය ගොදුරු සොයා යැම පහසු කළා වියහැක. පිස්‌තෝල දෙක රැගෙන රථයෙන් බැසගත් ඇඩම් පංතිකාමරයකට දිවගොස්‌ දිගට හරහට වෙඩි තැබුවේය. තහවුරු නොකළ වාර්තාවලට අනුව ඒ සිය මවට භාරව තිබූ පංතියයි. වෙඩි වරුසාවකින් බේරීමට නම් කුමක්‌ කළ යුතුදැයි යන්න පවා නොතේරෙන අහිංසකයන් රෑනක්‌ උණ්‌ඩවලට ගොදුරුවෙද්දී පාසලේ තවත් ගුරුවරු කිහිපදෙනෙක්‌ ස්‌ථානෝචිතව තම පංතිකාමර අගුල් දමාගනිමින් සහ දරුවන්ව ඩෙස්‌ බංකු යට සඟවා මුවාකරගනිමින් වෙඩි ප්‍රහාරයෙන් බේරිගත්හ. එහෙත් ඝාතකයාගෙන් වසන් වීමට විදුහල්පතිනියටත්, පාසලේ මනෝවෛµ උපදේශිකාව වන මේරි ෂෙලාක්‌ටත් තවත් වැඩිහිටියන් සිව්දෙනකුටත් නොහැකි විය. දරුවන් 18 දෙනෙක්‌ පාසල තුළම මැරී සිටි අතර තවත් දෙදෙනකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගියේය. ඒ අනුව පාසල තුළදී ඝාතකයා අතින් මියගිය ගණන 26කි. ඝාතකයාද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර ඔහුගේ මවගේ මරණයද සමග සමස්‌ත සිදුවීමෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 28කි.

එරට පොලිස්‌ හදිසි ඇමතුම් අංකය වූ 911 ට මේ වෙඩිතැබීම ගැන පළමු පණිවුඩය ලැබෙන විට පෙරවරු 9.30 පසුවී සුළු වේලාවකි. ඒ සැනින් සමස්‌ත නගරයේම පාසල් පද්ධතිය මරණ බියෙන් අක්‍රිය විය. පාසලේ දරුවන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ගේ ඥාතීන් ඊළඟ නිමේශයේදී තම දරුවා හෝ ඥාතියා ගැන ලැබිය හැකි පණිවුඩය කුමක්‌ වේ දැයි බියෙන් සැලෙමින් පාසල වටා රොක්‌වූහ. මේ අතුරින් අයෙක්‌ ලැබෙන පණිවුඩයත්a සමග මහා හඬින් හඬා වැටුනාහ. උදේ හිස සිඹ පාසලට යෑවූ තම දුව, පුතා ආපසු හැරී සිනාසී අතවැනුවේ යළි නොඑන ගමනක්‌ යැමටයෑයි ඒ දෙමාපියන් සිහිනෙකින් හෝ නොසිතූහ. ඉතින් මේ විපත කෙසේ නම් දරාගන්නද? මේ අතර එකා පසුපස එකා උරහිසින් අල්ලාගනිමින් ජීවිත බේරාගැනීමට වාසනාවන්ත වූ දරුවන් පාසලෙන් පිටතට පැමිණෙද්දී ඒ අතර තම දරුවා සිටිනු දකින මව් පියන් දිවගොස්‌ දරුවන් තුරුල්කරගත්තේද කඳුළු වගුරුවමිනි.

මේ අතර ඝාතකයාගේ සොහොයුරා වූ 24 හැවිරිදි රයන් ලන්සාගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියේය. (එහෙත් එයට ප්‍රථම ඝාතකයා සහ ඔහුගේ සොහොයුරා වූ රයන්ගේ නම් දෙක මාරුකරගැනීමෙන් ඝාතකයා රයන් යෑයි පැවසීම නිසා වෙනම අවුලක්‌ද සිදුව තිබිණි) රයන් පවසා ඇති ආකාරයට ඔහුගේ සොහොයුරා ඌන පෞරුෂයකින් හෙබි අයෙකි. ඝාතකයාගේ අසල්වැසියන් පවසන අන්දමටද ඝාතකයා 'අමුතු' චරිතයකි. මේ ඝාතන මාලාවට හේතුව කුමක්‌දැයි අවසාන නිගමනයට තව කල් ඇතත්, හැඟෙන පරිදි මේ පෞරුෂය පිළිබඳ ගැටලුව අවමානසිකත්වය නම් අධිපීඩන බෝම්බයක්‌ බවට පත්ව ජීවිත 28ක්‌ අකල්හී ලොවට අහිමි කරමින් එය පුපුරාගොස්‌ ඇති අයුරකි.

මේ සිදුවීම ධවල මන්දිරය කළු කළේය. ධවල මන්දිරය ඉලක්‌ක කරමින් ඇමරිකානුවන්ගේ දැඩි විවේචන එල්ල වන්නට විය. ඒ මෙම සමූහ මිනිස්‌ ඝාතනය ඒ ආකාරයේ පළමුවැන්න නොවීම එයට හේතුවයි. වසර 2007 සිට මේ දක්‌වා පමණක්‌ ඇමරිකාවේ එවැනි සිදුවීම් 4ක්‌ වාර්තා වී තිබේ. මේ වසරේදීම කොලරාඩෝහී ඡේම්ස්‌ හෝම්ස්‌ නම් පුද්ගලයකු සිනමා ශාලාවකට පැන සිදුකළ වෙඩිතැබීමෙන් 12 දෙනකු මියගොස්‌ 58 දෙනකු තුවාල ලැබීය. මේ සියල්ල සඳහා හේතුව ඇමරිකාවේ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් පවතින නීති - රීතිවල ලිහිල් බව යෑයි දැඩි විවේචන නැගෙයි. පෞද්ගලික ගිනිඅවි භාවිතය සඳහා අවසරය ඇති ඇමරිකාවේ, එම ලිහිල හිතූමනාපයේ වෙඩිතැබීම පිණිස දී ඇති ලැයිසමක්‌ ලෙසින් එරට වැසියෝ හඳුන්වති. වහාම නීති දැඩිකර මේ අවදානමෙන් රටවැසියන් මුදාගන්නා මෙන් ජනාධිපති බැරක්‌ ඔබාමාට බලකරමින් සිදුවීම සිදුවූ දින සැන්දෑවේ ධවල මන්දිරය ඉදිරියේ මිනිසුන් 200ක්‌ පමණ පෙළපාලි ගියේය. මේ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් රජයේ මීළඟ පියවර කුමක්‌දැයි මාධ්‍ය විසින් ධවල මන්දිරයෙන් විමසූ විට මේ සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි ධවල මන්දිරය වෙනුවෙන් ප්‍රකාශයක්‌ කළ අයෙකු 'මේ ඒවා කථා කරන දිනයක්‌ නොවේ' යෑයි පවසා තිබුණි.

නමුත් ඉන් ටික වේලාවකට පසු අඩකුඹු කර ඇති ඇමරිකානු ධජය යට සිට ජාතිය ඇමතූ ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා සංවේදීව අදහස්‌ දැක්‌වූයේ සිය නෙත් කෙවෙනි අතරින් එළියට පැනීමට තැත්කරන කඳුළු සඟවාගනිමිනි.

'මෙවැනි ෙ€දවාචක ගණනාවකට අපි පසුගිය කාලය පුරා මුහුණදුන්නා. එහෙත් ඒ හැම අවස්‌ථාවකම මම ඒ දේ දරාගත්තේ ජනපතිවරයෙක්‌ වශයෙන් නෙමෙයි. පියෙක්‌ වශයෙන්. අද එය මට තවත් ප්‍රත්‍යක්‍ෂව දැනුනා. මෙවැනි සිදුවීමක්‌ සිදුවන්නේ නිව්ටවුන්හී මූලික පාසලකද, ඔරිගන් හී සාප්පුවකදීද, විස්‌කන්සින්හී දේවස්‌ථානයකදීද, ඔරෝරාහී සිනමාශාලාවකදීද, චිකාගෝ හී වීදිකොණකද ඒ විපතට පත්වන්නේ අපේ අසල්වැසියන්මයි, ඒ අපේ දරුවන්මයි. අපි එකතු වී මේ ෙ€දවාචක නැවැත්වීම පිණිස දේශපාලනය නොතකා පියවර ගැනීමට කාලය ඇවිත්' යෑයි ඔබාමා ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ පමණක්‌ නොව, සමස්‌ත ලෝකයේම මෙවැනි ෙ€දවාචකයන් වැළැක්‌වීමේ හැකියාව ඇමරිකාවට තිබේ. මේ මරණ මාලාව විසින් ඇමරිකාව කම්පනයට පත්කළේ යම්සේද ලොව සෙසු රටවල මිනිසුන්ටද මරණය ඉදිරියේ මෙවැනිම කම්පනයක්‌ ඇතිවන බව ඇමරිකාවට දැනෙන්නේ නම් එය තවත් ජීවිත සියදහස්‌ ගණනක්‌ සුරක්‍ෂිත වීමක්‌ වනු නියතය. එසේ වුවහොත් සැන්ඩි හූක්‌ පාසලේදී ගලාගිය රුධිර ධාරාවන්ට, ඒ හේතුවෙන් නැගුණු කඳුළු සුසුම් වලට මහා වටිනාකමක්‌ ලැබෙනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all