Photobucket

Tuesday, December 18, 2012

න්‍යෂ්ටික අනතුරකට කිලෝමීටර් 200 ක සිට..... කූඩන්කුලම් දෙරටම ගිලගනීද?

තතAපර දාහතරක්‌ තුළ සූර්යාගේ සිට පෘථිවි තලයට වැටෙන හිරුඑළිය පිළිබඳ විශ්වාසය නොතබා න්‍යෂ්ටික බලාගාරවල බලශක්‌තිය ගැන විශ්වාසය තබන නායකයන්, පාලකයන් වෘත්තිකයන්, අධ්‍යාපන වේදීන්ගේ ද සහයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කූඩන්කුලම් ගමේ ඉදිවන න්‍යෂ්ටික බලාගාරය පරිසරයේ හා ජනතාවගේ මරණය මතින් විවෘත වීමට තව ඇත්තේ මාස කිහිපයක්‌ පමණි. බලශක්‌ති අර්බුදයට ඇති හොඳම විසඳුම න්‍යෂ්ටික විදුලි උත්පාදන ක්‍රියාවලින් යෑයි තරයේ විශ්වාසය තබා ඉදිවන මෙම කූඩන්කුලම් ව්‍යාපෘතිය ඉන්දියානු හා රුසියානු සහයෝගීතාවය මත 1988 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි. ඒ සමඟව ඉන්දියාව හා රුසියාව තවත් න්‍යෂ්ටික බලාගාර දෙකක්‌ කූඩන්කුලම්වල සෑදීමට ගිවිසුම්වලට අත්සන් කරනු ඇත.

එයින් ද නොනැවතී තුන් වන හා හතරවන න්‍යෂ්ටික බලාගාර ද ඉන්දියාව තුළ ස්‌ථාපිත කිරීම සඳහා රුසියානු තාක්‍ෂණය හා උපදෙස්‌ ලබා දීමට ද රුසියානු රජය ඉන්දියාව සමඟ එකඟත්වයට පැමිණ ඇත.

මෙම කූඩන්කුලම් න්‍යෂ්ඨීක බලාගාරය මගින් සිදුවන හානිය සඳහා ආරක්‍ෂණ වියදම් ලෙස ඉන්දියානු රජය ඩොලර් මිලියන 5.4 ක අමතර මුදලක්‌ මේ වනවිට ගෙවීමට සූදානම් කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්ථා පලකර සිටී. නමුත් ඩොලර් මිලියන 5.4 කට න්‍යෂ්ඨීක බලාගාරය මගින් ජනතාවට හා පරිසරයට වන හානිය හිලව් කළ හැකිද? කූඩන්කුලම් ව්‍යාපෘතියේදී විදුලි ජනනය සඳහා ප්‍රධාන ලෙස යුරේනියම් අධික තාපයක දහනය කිරීම සිදු කරනු ලබන අතර එම දහනය කිරීම සඳහා විද්යුත් නිෂ්පාදනය කරනු ලබන්නේ ඩීසල් දහනයෙන්ය. එම දහනයේදී (........) කාබන් ඩයොක්‌සයිඩ් පරීසරයට මුදා හැරෙන අතර න්‍යෂ්ටික විකිරණයන්ට අමතරව එය පරිසරයට සැලකිය යුතු හානියක්‌ සිදු කරනු ලබයි.

එමෙන්ම ආවර්තිතා වගුවේ ලෝහකාණ්‌ඩයට අයත් ඹ92 ල (sෙ2ල 6d2ල 7s2) යුරේනියම් අධික විකිරණ නිකුත් කළ හැකි විකිරණශීලි ද්‍රව්‍යයකි. එම නිසා ඹ92 යුරේනියම් දහනයෙදී සිසියම්, ස්‌ට්‍රෙන්ටියුම්, ටයිටියම්, ටෙලියුරියම් වැනි විකිරණ න්‍යෂ්ටික බලාගාරයෙන් නිකුත් වීමේ හැකියාව ඇති අතර, මෙයින් Cs134 එක්‌ අංශුවක්‌ වියෝජනය වීමට අවම වසර 30 ක කාලයක්‌වත් ගතවේ. යුරේනියම් දහනයේදී පමණක්‌ නොව න්‍යෂ්ටික බලාගාර පිපිරීමකදී හා යුරේනියම් දහනයෙන් එක්‌වන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් ද ඉහත පෙන්වා දුන් විකිරණ සැතපුම් ගණනාවක්‌ දුරට පමණ විහිදී යනු ඇත. එය වඩාත් තහවුරු වන කරුණ නම් µqකුෂිමා බලාගාරයේ පිපිරීමෙන් අනතුරුව නිකුත්වූ විකිරණ මාස 05 කට පසුව ඇමරිකා මුහුදු තීරයෙන් හමුවූ ටූනා වර්ගයේ මත්ස්‍යයන්ගේ අඩංගු වී තිබීමත් ජපානයේ µqකුෂමා න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් මාස 18 කට පසුව 700 ණප පමණ දුරින් පිහිටි කුඹුරුවලින් නෙලා ගත් සහල්වල පවා මානවයාට විෂ සහිත විකිරණ අඩංගු සහල් හමුවී තිබීමත් වැනි කරුණය . එය එතනින් පමණක්‌ සීමා නොවී වසර 30 රී 40 ක්‌ යනතුරුම µqකුෂිමා බලාගාරයේ විකිරණ බලපෑම් තව තවත් වැඩි වශයෙන් පර්යේෂණවලට අනාගතයේ හසුවනවා ඇත. මෙවන් අනතුරු පැහැදිලිව දැකීමෙන්, අත්විඳිමින් ඉදිකර විවෘත වීමට නියමිත කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේ යුරේනියම් දහනයෙන් අනතුරුව එක්‌වන අපද්‍රව්‍ය ඉන්දියාවෙන් මන්නාරම් බොක්‌කට මුහුණලා ඇති මුහුදු තීරයට මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ. එම අපද්‍රව්‍ය මුදා හැරීම මගින් මන්නාරම් ප්‍රදේශය ඇතුළු සමස්‌ත සමුද්‍ර ජෛව විවිධත්වයට එය බලපෑමක්‌ එල්ල කරනු ඇත. මන්නාරම් මුහුදු තීරයේ හමුවන ඉතා දුර්ලභ මුහුදු ක්‍ෂීරපායි විශේෂයක්‌ වන මුහුදු උරා, කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයේ සිටින බෝතල් නාසය සහිත ඩොල්µsන් ඇතුලු ඩෙල්µsන් විශේෂ, තල්මසුන් විශේෂ, මත්ස්‍ය විශේෂ, ලංකාව අවට වෙරළ තීරයට පැමිණෙන බටු කැස්‌බෑවා, කොළ කැස්‌බෑවා, දාර කැස්‌බෑවා, පොතු කැස්‌බෑවා, ඔළු ගෙඩි කැස්‌බෑවා, යන කැස්‌බෑ විශේෂ පහද කොරල් පර හා මුහුදු තෘනවලටද මෙම අපද්‍රව්‍ය මගින් විශාල බලපෑමක්‌ එල්ල වනු ඇත. දැනට ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්‌ ලෙස පවතින ශ්‍රී ලංකාව හා අවට මුහුදේ තව තවත් ජෛව විවිධත්වය විනාශ වී යැමට එය ප්‍රධාන ලෙස බලපානු ලබයි. එමෙන්ම සමුද්‍ර ජෛව විවිධත්වය පමණක්‌ නොව ගොඩ බිම් ජෛව විවිධත්වය වියෑකී යැමටත් විකෘතිතා ඇති සත්ව සහ මිනිස්‌ ප්‍රජාවන් ඉපදීමටත් මෙම විකිරණ සියල්ල දැඩි ලෙස බලපානු ලබයි. එමෙන්ම කූඩන්කුලම් ව්‍යාපෘතිය නිසා පුත්තලම කලපුව, නගුල්එළිය කලපුව, හලාවත කලපුව, මහවැව කලපුව ,ඉරණවිල කලපුව වැනි කලපු ප්‍රදේශ හා එහි ජෛවවිවිධත්වයත්

කඩොලාන ජෛව විවිධත්වයටත් විනාශ වී යැමයට විකිරණ මගින් සෘජූබලපෑම් එල්ල වනවා ඇත.

සුමුද්‍ර හා ගොඩබිම් සමස්‌ථ ජෛව විවිධත්වයටම විකිරණ හරහා බලපෑම් කළ හැකි කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයය එහි අපද්‍රව්‍ය කන්‍යා කුමාරි මුහුදට දැමීම නිසා ශ්‍රී ලංකාවේ වයඹ වෙරළ තිරයේ හා සමස්‌ථ මුහුදේ හසුවන මසුන්ගේ බැරලෝහ හා විෂ සහිත විකිරණ තැන්පත් වීමේ අවධානමක්‌ ඇති අතර, එම මත්ස්‍යයන් අහාරයට ගැනීම පවා අවධානම් සහිත කාරණයක්‌ විය හැකිය. තමිල්නාඩු ප්‍රාන්තයේ හා ලංකාවේ නිෂ්පාදනය කරනු සියලුම ආහාර බෝග විකිරණ අවදානමට ලක්‌වීමට ඇති ඉඩකඩ ඉතාමත් දැඩිව පවතින අතර බලාගාරය ආරම්භ කර වසර කිහිපය ක්‌ පමණ යනවිට මෙහි ප්‍රතිවිපාක පරිසරයට හා ජනතාවට විඳීමට සිදුවේ. එමෙන්ම න්‍යෂ්ටික බලාගාර පිහිටවීම හා ඵහි තාක්‍ෂණය සම්බන්ධව ජපානය වැනි රටවල් ඉතා ඉහළ ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ සපයනු ලබයි. එවන් ඉහළ තාක්‍ෂණයක්‌ හා ප්‍රබල ආරක්‍ෂණ ක්‍රමවේදයක්‌ භාවිතා කරමින් සිටිය ද ඔවුනට µqකුෂිමා න්‍යෂ්ඨීක බලාගාරායේ පිපිරීම හා මේ වන තෙක්‌ සිදුවෙමින් පවතින විනාශය වළක්‌වා ගැනීමට නොහැකි වී ඇත. චර්නොබෙල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් වසර ගණනාවක්‌ ගත වුවද අද වනතෙක්‌ මානව වර්ගයාට හා පරිසරයට වන හානිය එම ප්‍රදේශවල නතරවී නොමැත. කුඩමිකුලම් හි ඉදිවන න්‍යෂ්ටික බලාගාරය යම් හෙයකින් පිපිරීමකට ලාක්‌වුවහොත් සමස්‌ථ ලංකාවටම එය එක එල්ලේම බලපානු ලබයි. එයට හේතුව කූඩන්කුලම් සිට කොළඹට ඇත්තේ 271 ණප හලාවත හා වයඹ වෙරළ තීරයට ඇත්තේ 177 ණප පමණ දුරකිනි. මුලු ලංකාවට 500 ණප පමණ දුරක්‌ ඇතුළත ඇති නිසා යම්කිසි හෙයකින් බලාගාරයේ ඇති වන පිපිරීමක්‌ සමස්‌ථ ලංකාවට දැඩිව බලපෑමක්‌ සිදු කළ හැකිය. ලංකාවේ හා ඉන්දියාවේ ජනතාවගේ දැඩි විරෝධය මත ඉදිවන මෙම න්‍යෂ්ටික බලාගාරය පිපිරීයැමේ අවධානම දැඩිව පවතින්නේ කූඩන්කුලම් ප්‍රදේශය ස්‌භාවික විපත්වලට නිතර මුහුණ දෙන ප්‍රදේශයක්‌ නිසාය. පසුගිය කාළය තුළ තමිල්නාඩුවේ කූඩම් කුලම් ප්‍රදේශයේ නිවාස දහස්‌ ගණනක්‌ 2004 සිදුවූ සුනාමිය නිසා විනාශ වී ගියේය. එමෙන්ම මෙම ප්‍රදේශයට 2006 මාර්තු 19 වැනි දින හා 2011 අගෝස්‌තු 12 යන දිනයන්හි ප්‍රබල භූ කම්පන දෙකක්‌ ඇතිවිය. මෙවන් සුනාමි හෝ භූමිකම්පා අවස්‌ථාවලදී හෝ චණ්‌ඩ මාරුතයකදී මෙම න්‍යෂ්ටික බලාගාරය පුපුරා යැමේ අවදානමක්‌ දැඩිව පවතී. එය එසේ නොවනවා යෑයි සහතික දීමට කිසිවකුට බැරිය.

එය හොඳින්ම ඔප්පු වන්නේ සැන්ඩි චන්ඩ මාරුතය ඇමරිකාවේ හදවත විනාශ කළ ඇත්දැකීම් ද පදනම් කරගෙනය. කෙසේ වෙතත් මෙම න්‍යෂ්ටික බලාගාරය සෑදීම ආරම්භයේදී සුදුසු පරිසර තක්‌සේරු වාර්තාවක්‌, සමාජ බලපෑම් ඇගයීම් වර්තාවක්‌ සිදුකර නොමැත. එම නිසා කූඩන්කුලම් බලාගාරයේ සිට 30 ණප පමණ යන තෙක්‌ ප්‍රදේශවල සිටින 10,00000 පමණ ජනතාව මේ වන විට ඉතාමත් අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති අතර න්‍යෂ්ටික බලාගාරයට විරුද්ධව නැගී සිටින පරිසරවේදීන් හා මහජනතාව ඉතා නිර්දය ලෙස ඉන්දියානු පොලිස්‌ සේවය විසින් මර්ධනය කරමින් සිටී. මරණය මතින් න්‍යෂ්ටික බලාගාරවල අනතුර දකිමින් ඉන්දියාවේ ජනතාව එයට විරුද්ධ වන විට සෘජුව මෙහි බලපෑම එල්ලවන අප නිහඬ වී බලාසිටිම ද අරුමයකි. රාජ්‍ය නායකයන් පවා එයට විරුද්ධ නොවී ඉන්දියානු ගැතිව සිටින විට පරමාණුක ශක්‌ති අධිකාරියේ වගකිවයුතු නිළධාරින් නිHෂ්ටික බලාගාරයේ විකිරණ බලපෑම නිසා පිළිකා අවධානමක්‌ අති බව පිළිගත්තද එය පුවත් පතක ප්‍රවෘත්තියකට පමණක්‌ සීමා විය. ලෝක ඉතිහාසයේ න්‍යෂ්ටික බලාගාර හේතුවෙන් ඇතුවු සෞඛ්‍ය ගැටලු පිළිකා. අවධානම පමණක්‌ නොව , පිළිකා අවධානමක්‌ ඇති කිරීමට ඇති හැකියාව විසින්ම ගැබිණි මව්වරුන්ට නිල් දරු උපත්, ආබාධ සහිත දරු උපත්, ස්‌වසනාලයේ පිළිකා, පියයුරු පිළිකා ඇතුලු රෝග රැසකට අවධානමක්‌ පවතින අතර මරණය 177 ණප ක දුරින් ඇති බව ලංකාවාසි ජනතාව අවබෝධ කරගත යුතුය.

රටේ ජනතාව හා පරිසරය උගසට තබමින් වගකිවයුත්තන් නිහඬව සිටියදී සිදුවන හානිවලට වන්දි ලබා දෙන හා එම වන්දි ලබාගෙන එයිනුත් හම්බ කර ගැනීමට අප රටේ නායකයන් දැන් බලා සිටියි. මිනිසාගේ ජීවත්වීමේ අයතිය හා පරිසරයේ අයිතිය වෙනුවෙන් ඉන්දියාවේ කූඩන්කුලම් හි ඉඳිකරන න්‍යෂ්ටික බලාගාරයට විරුද්ධ වීමට රටක්‌ ලෙස අපට අයිතියක්‌ ඇතත් අප අද නිහඬව සිටී. න්‍යෂ්ටික ශක්‌තිය සම්බන්ධව ජාත්‍යන්තර එකඟතාවේ 14 වන වගන්තිය අනුව පරිසරයේ හා මිනිසාගේ ආරක්‍ෂාව ප්‍රමුඛ විය යුතු වුවත් මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම මගින් එහි පරීසරයත්, දෙරටේම ජනතාවත් අනතුරකට පත්ව ඇති නිසා න්‍යෂ්ටික ශක්‌තිය සම්බන්ධ ජාත්‍යන්තර එකඟතාවය ද හෑල්ලුවට ලක්‌ වී ඇත.

ලෝකයේ දියුණු රටවල් විකල්ප බලශක්‌ති ලෙස උදම් රළ, සුළඟ, හිරු එළිය ප්‍රයෝජනයට ගනිමින් බලශක්‌තිය නිපදවා ගන්නා අතර එම රටවල්වලින් ඉවත් කරන න්‍යෂ්ටික බලාගාර ඔහුන්ගේ පැවැත්ම වෙනුවෙන් අප රටවල් තුළ ස්‌ථාපිත කරනු ලබයි. බලශක්‌තියට විසඳුම් සොයනවා නම් ඒ වෙනුවෙන් පරිසරයට හා මානවායට අහිතකර නොවන බලශක්‌ති ප්‍රභවයන්ගෙන් ප්‍රයෝජනයට ගැනීමට ඉඩකඩ තිබියදී පාලකයන්ගේ හා සමාගම්වල ලාභය තකා පරිසරය හා මිනිසා නැසීම කිසිදු සමාජයක සිදු නොවිය යුතු වුවත් අද දවසේ ලංකාව හා ඉන්දියාව මුහුණ දී ඇත්තේ මෙම අභාග්‍ය සම්පන්න ඉරණමටය.
Share on :

2 comments:

KAsunaaa said...

මේක නවත්වන්න බැරි නම් අඩුම තරමේ මේකේ බලපෑම අඩු කර ගන්න වත් අපිට මොකවත් කරන්න බැරිද?

Unknown said...

dewiyo thama danne .........

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all