Photobucket

Saturday, December 1, 2012

බාල ගල්අඟුරු ටොන් 55111 ක්‌ ඉන්දුනීසියාවෙන් ගෙන්වලා

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ ගල්අඟුරු ටොන් 55111 ක තොගය නිසි ප්‍රමිතියකට තිබී නැතැයි අනාවරණය වේ.
මෙම ගල්අඟුරු තොගය ටොනාරා ක්‌ලෝසස්‌ නැවට පැටවීමට පෙර එහි ප්‍රමිතිය උසස්‌ බවට සහතිකයක්‌ නිකුත් කර තිබුණි. එහෙත් මෙරට ද එය පරීක්‍ෂාවට ලක්‌කළ විට ලංකා කෝල් සමාගමට අවශ්‍ය ප්‍රමිතිය තිබුණේ නැහැ යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මෙම ගල්අඟරු තොගය ඉන්දුනීසියාවේදී නැවට පැටවීමට පෙර ප්‍රමිති සහතිකය නිකුත් කරන සමාගම වංචනික ප්‍රමිති සහතික නිකුත් කරන බව ඉන්දීය විනිසුරු පී. වී. ෂර්මා විසින් ප්‍රකාශ කර තිබිණි.

එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනාට ඇප නියම කිරීම ද විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙලෙස ගල්අඟුරු ලබාගන්නා ඉන්දුනීසියාව තුළ අඟුරු පතල නිසි ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු නිපදවන්නේ නැතැයි වාර්තා වේ. මේ අතර ලංකා කෝල් සමාගම ආරංචි මාර්ග පැවසුවේ නිසි ප්‍රමිතියක්‌ මත මෙම ගල්අඟුරු ගෙන්වා ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all