Photobucket

Wednesday, December 12, 2012

හඳ මාමාට වසර 50යි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා‍ව ප්‍රචාරය කරන 'හඳමාමා' ළමා සංග්‍රහයට මේ 14 වැනිදාට වසර 50 ක් සපිරේ. ඒ නිමිත්තෙන් පවත්වන ස්වර්ණ ජයන්ති උළෙල 21 දින පස්වරු 2.00ට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වේ.
මේ බැව් අනාවරනය වූයේ පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදීය.  මේ අවස්ථාවට සහභාගි වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, වර්තමානයේ බොහෝ මාධ්‍යයන් වානිජ පරමාර්ථයන් පෙරට දමා ක්‍රියා කරන බවත් ළමා වැඩ සටහන් වලට වැදගත්කමක් ලබා නොදෙන බවත්ය.

වසර 50 ක් මෙවැනි ළමා වැඩ සටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව එයට අතීතයේ සිට වර්තමානය දක්වා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතිය පුද කරන බවද ඒ මහතා පැවසීය. හඳ මාමා නිර්මාතෘ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය මෙහි දී පැවසූයේ,දරුවන්ගේ හැකියාවන් පෙරට ගැනීම තම පරමාර්ථය බවයි.
හඳ මාමා තුළින් කිසියම් වෙනසක් ඇතිකරන ලෙස එය ආරම්භයේ දී සිටි ජ්‍යොෂ්ඨයන් තමාට උපදෙස් ලබා දුන් බවද ජයතිලක මහත්මිය මෙහි දී පැවසීය.හඳ මාමා තුළින් දැනුම ලබාගත් දරුවන් රටේ විවිධ ක්ෂේත්‍රයන්හි වර්තමානයේ ප්‍රබලයින් බවට පත් වී ඇතැයිද ඇය ප්‍රකාශ කළේය. 

මේ මාධ්‍ය හමුව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී සහ ප්‍රවීන ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී ලැම්බට් පෙම්මාවඩු මහත්වරුන් ද සහභාගි වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all