Photobucket

Wednesday, December 12, 2012

ගාල්ල කොටුවෙන් වසර 300 කට වඩා පැරැණි මිනිස්‌ ඇට සැකිලි හමුවේ

ගාල්ල කොටුව පල්ලිය වීදියේ ස්‌ථානයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරනු ලැබූ කැණීමකදී වසර තුන්සියයකට වඩා පැරැණි බවට සැකකෙරෙන මනුෂ්‍ය ඇටකටු රැසක්‌ හමුව තිබේ.

මෙම ඇටකටු හමුවීමෙන් පසුව සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හට කැණීම් කටයුතුවල යෙදී සිටි නිලධාරිනියක්‌ දැඩිලෙස බාධා කර ඇත.

පසුව මෙම ස්‌ථානයට ගාල්ල පොලිසිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා, නාගරික මන්ත්‍රී කුමාර ධම්මික යන මහත්වරුද පැමිණියහ.

මෙහිදී නගරාධිපතිවරයා හා ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයේ ස්‌ථානභාර නිලධාරිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව මාධ්‍යවේදීන්ට ඡායාරූප ගත කිරීමට සීමාවන්ට යටත්ව අවසරය ලැබිණි.

මෙම ඇටකටු හමුවීම පිළිබඳ ගාල්ල කොටුවේ භාරකාරීත්වය පැවරී තිබෙන ගාලු උරුමය පදනමේ පර්යේෂණ නිලධාරී තරංග ලියනාරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා මෙසේ කීය.

මෙතැන ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකළ පල්ලියේ කනත්ත තිබුණා කියලා විශ්වාස කරනවා.

ඉතිහාසයට අනුව මෙය ඉදිවෙලා තියෙන්නේ එක්‌දහස්‌ හයසිය හතළිහත්, පනහත් අතර කාලයේයි.

මෙතැන මහ පල්ලිය ලෙසයි අප හඳුනා ගන්නේ. මෙතැන තියෙන මළ සිරුරු කොටස්‌ අවුරුදු තුන්සියයකට වඩා පැරැණියි කියලා විශ්වාස කරන්න පුළුවන්.

ක්‍රි.ව. 1700 දී පමණ මෙම පල්ලිය ගරා වැටුණා. සුසාන භූමිය අතහැර දැමුණා. දැන් එම මළ සිරුරු වල අස්‌ථි කොටස්‌ හමුව තිබෙන්නේ ඔය කියන ස්‌ථානයෙන්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all