Photobucket

Monday, December 10, 2012

නිවැසියන් නිදා සිටියදී - වී මිටි 20 ක් උස්සලා

මිහින්තලය මහකනදරාව ප්‍රදේශයේ නිවසකින් වී මිටි 20 ක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය පොලිසිය කියා සිටියේ සැකකරු ඉකුත් 05 දා රාත්‍රියේ මහකනදරාව 01 ඇළ ප්‍රදේශයේ නිවසක ගබඩාවේ තිබූ වී මිටියක් සොරාගෙන යද්දී නිවැසියන් අවදි වීම නිසා වී මිටිය දමා පලා ගොස් ඇති බවයි. පසුව ලැබුණු පැමිණිලිවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී වරින්වර එම නිවසින් රුපියල් 20,000/- ක් පමණ වටිනා වී මිටි 20 ක් පමණ සොරාගත් බව පැවසූ බවත්ය.
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර‍
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all