මාතලේ දිස්ත්‍රික්කයේ ගිලා බැසීමේ අවදානමක් පවතින ස්ථාන 19ක් මේ වනවිට
හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
මාතලේ, රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම ස්ථාන 19 හදුනාගෙන
තිබේ.
එම ස්ථාන අයත් ප්‍රදේශවල හා ඒ අවට සිටින සියලු දෙනා කඩිනමින් ඉවත් කරන ලෙස
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට උපදෙස්
දී තිබේ. මේ නිසා ගිලා බැසීමේ හා නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල ජනතාව
ආරක්‍ෂිත ස්ථානවල පදිංචි කරවීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන
ඇත.
මෙම ප්‍රදේශවල ජීවත් වන පිරිස් විකල්ප ස්ථානවල පදිංචි කරන බව මාතලේ දිස්ත්‍රික්
ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය කියයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම පියවර ගත් බවත් ඒ මහත්මිය
වැඩි දුරටත් කීවාය.
0 comments:
Post a Comment