Photobucket

Friday, November 23, 2012

තේ වෙනුවට මුරුංගා කොළ කුඩු කර බොන්නලූ

මුරුංගා කොළවල ඇති පෝෂණ ගුණයට හානියක් නොවන අයුරින් ඒවා වියළා කුඩු ලෙස භාවිත කිරීමට වෙළෙඳපළට හඳුන්වාදීමට පසු අස්වනු තාක්ෂණ ආයතනය පියවරගෙන ඇත.
මුරුංගා වැටවල් ආශි‍්‍රතව වැවෙන ශාක වර්ගයක් වන නිසාත් ඒ සඳහා රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිත නොකිරීම නිසාත් මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර නොවීම මෙහි ඇති විශේෂත්වය වේ.
මුරුංගා කොළවල සියයට විසිපහක පමණ ප්‍රෝටීන් ප‍්‍රමාණයක් අන්තර්ගත වන අතර කිරි වීදුරුවක අඩංගු කැල්සියම් ප‍්‍රමාණයට වඩා හත්ගුණයක කැල්සියම් ප‍්‍රමාණයක් මුරුංගා කොළ වීදුරුවක අඩංගු වී ඇත.

මෙම මුරුංගා කොළ කුඩු කොළ තේ (green tea) මෙන්ද ව්‍යංජනවලට එක් කිරීමටද සමපෝෂ නිෂ්පානදයට සහ බිස්කට් වර්ග නිෂ්පාදනයටද භාවිත කළ හැකිය.

මුරුංගා කොළ දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට යෝග්‍ය වන අතර ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙස කි‍්‍රයාකරන නිසා පිළිකා වළක්වා ගැනීමේ හැකියාවද ඇත.

ලංකානිව්ස් ඇසුරින් පලකරන ලදී.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all