Photobucket

Friday, November 23, 2012

උඩවලව, වත්තල හා මීගලෑවේ සිසුහු 140ක්‌ ඊයේ රෝහල් යති

අසාත්මික තත්ත්වයක්‌ හේතුවෙන් ඇඹිලිපිටිය - උඩවලව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සිව් දෙනකු ද මහව මීගලෑව ප්‍රාථමික විදුහලේ කුඩා සිසුන් 80 දෙනකු ද වත්තල මාබෝල සාන්ත මරිය විදුහලේ සිසු සිසුවියන් 56 දෙනකු= ද ඊයේ  රෝහල්ගත කෙරිණි.

උඩවලව ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ආයතන භාර වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

වත්තල ක¹න අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් මාබෝල සාන්ත මරියා විදුහලේ සිසු සිසුවියන්ට පාසල තුළදී ඇති වූ හදිසි ඇඟ කැසීමේ අසාත්මිකතාවක්‌ හේතුවෙන් දරුවෝ 56 දෙනෙක්‌ පමණ රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාගම රෝහලට ඇතුළත් කළ දරුවන් 2, 10, 25 වාට්‌ටුවලට ඇතුළත් කර ඇති අතර ඊයේ හවස්‌ වන විට සෑහෙන පිරිසක්‌ සුවය ලබා රෝහලින් පිටව ගොස්‌ සිටි අතර 10, 25 වාට්‌ටුවල තවමත් ප්‍රතිකාර ලබන සිසුන් සීමිත සංඛ්‍යාවක්‌ සිටිති. මෙම අසාත්මිකතාවට හේතුව කුමක්‌ද යන්න අනාවරණය වී නොමැත.

මේ අතර අධික කැසීම හා ශරීරයේ පලු දැමීම නිසා රෝගී වූ මහව කලාපයට අයත් මීගලෑව ප්‍රාථමික විද්‍යාලයේ කුඩා සිසුන් 80 දෙනකු ද ඊයේ (22 දා) දහවල් මීගලෑව රෝහලට ඇතුළත් කර ඇත.

මෙම රෝගී තත්ත්වය අනෙකුත් ළමුන් අතරට පැතිරී යැම වැළැක්‌වීම සඳහා විදුහල්පතිවරයා අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස්‌ මත එම අවස්‌ථාවේදීම පාසල වසා දමන ලදි. මීගලෑව රෝහලට ඇතුළත් කළ සිසුන්ගෙන් කිසිවකුටත් බරපතළ තත්ත්වයක්‌ නොවන බවත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුහුසුළුව කටයුතු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඕමල්පේ - ප්‍රගීත් ජනක, මහගල්කඩවල - සේනක ඉලංගකෝන්, වත්තල - රුක්‌මන් පින්තු සහ රිචඩ් ජී. සිල්වා
දිවයින ඇසුරින් පලකරන ලදී.
 
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all