Photobucket

Friday, November 16, 2012

ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් පාඩමක්‌

ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් දිවයිනේ සුප්‍රකට උපකාරක පංති ගුරුවරයකු වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ඉල්ලුම හා සැපයුම කෙරෙහි බදු ප්‍රතිපත්තියෙන් සිදුවන බලපෑම පිළිබඳ ඊයේ (16 දින) නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ ආර්ථික විද්‍යාව උසස්‌ පෙළ හදාරණ සිසු දැරියන්ට උගන්වන අයුරුයි මේ.
bandula
මෙම අවස්‌ථාව අමාත්‍යවරයාට උදා වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලක්‍ෂ 276 ක මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද තෙමහල් වාණිජ විද්‍යාගාරය විවෘත තිරීමෙන් අනතුරුව පන්ති පරීක්‍ෂාව සිදු කිරීමේදීය.

අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලක්‍ෂ 39 ක වියදමින් ඉදිකෙරුණු ප්‍රාථමික අංශයේ රැස්‌වීම් ශාලාවද මෙහිදී අමාත්‍යවරයාගේ අතින් විවෘත කෙරිණ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. µවුසි, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, අධ්‍යාපන අධීක්‍ෂණ මන්ත්‍රී මොහන්ලාල් ග්‍රේරු, පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, විදුහල්පතිනි කළ්‍යාණි ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිස ඡායාරූපයෙ
සිටියි.
gurugedara 
දිවයින ඇසුරින් පල කරන ලදී.


 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all