Photobucket

Tuesday, November 20, 2012

මස්සිනා කඩ කාමරයදී සිසුවිය කෙළෙසලා

නොච්චියාගම නගරයේ පිහිටි පාසලක 9 වන ශේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කළ බව කියන ඇගේ මස්සිනා නොච්චියාගම පොලිසිය ළමා හා කාන්තා කාරර්‍යංශය මඟින් අද (20) සැකකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 24 හැවිරිදි රියදුරු වෘත්තියේ යෙදෙන මීගහවැව නොච්චියාගම පදිංචි පුද්ගලයෙකි. 

සැකකරු ඊයේ (19) උදෑසන දැරියත් 4 වන වසරේ ඉගෙනුම ලබන ඇගේ සහෝදරයාත් යතුරු පැදියෙන් පාසලට ඇරලවීම සඳහා රැගෙනගොස් සහෝදරයා පාසලට ඇරලවා සිසුවිය පාසලට අරලවීමට පෙර කකඩ කාමරයට රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු බාලවයස්කාර දැරියව පාසලට ඇරලවා රැකියාවට ගොස් ඇත. දැරිය පාසල් අවසන් වී නිවසට ගොස් මේ බව මටව පවසා ඇති අතර මව හා සිසුවිය පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (20) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසීය.
 
gurugedaraබුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all