Photobucket

Tuesday, November 20, 2012

දියතලාව රෝහලේ මල, ජල පෝෂක වලට

දියතලාව මූලික රෝහලේ මල ප්‍රවාහන පද්ධතිය අක්‍රීය වීම නිසා ඊට පහළින් පිහිටි උමංකදුර ග්‍රාමයට විශාල පීඩාවක් සිදුව තිබේ. රෝහලින් පිටවන මල ද්‍රව්‍ය ගම හරහා ජලපෝෂක ප්‍රදේශවලට ගලායන අතර විශාල පවුල් ප්‍රමාණයකට එය බරපතල ප්‍රශ්නයක්ව තිබේ. රෝහලේ වෛද්‍ය වරුන්ගේ නවාතැන පිහිටා තිබෙන්නේද ඒ මල අප ද්‍රව්‍ය ගලා යන තදාසන්නයේම ය. 

මල අපද්‍රව්‍ය ගලා ගොස් තැන්පත් වන්නේ පහළින් පිහිටි ජල පෝෂක වල නිසා දියතලාව නගරයට ගන්නා ජලයද ඉතා අපිරිසිදු තත්වයෙන් පවතිනු ඇතැයි ප්‍රදේශ වාසීන් පවසයි. දියතලාව මූලික රෝහලට සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර නවීකරණය කළද ක්‍රමවත් වැසිකිළි හා කැසිකිළි බැහැර පද්ධතියක් නොමැති රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පවසන්නේ එවැනි ක්‍රමවත් පද්ධතියක් ඉදිකිරීමට මිලියන 25 ක් පමණ වැය වන බවත් අක්කරයක පමණ ඉඩමක් අවශ්‍ය බවත්ය. 

gurugedaraවිරාජ් ප්‍රනාන්දු
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all