ඉන්දීය හමුදා නීතිය අනුව විදේශිකයකු විවාහකර ගැනීමට නොහැකි නිසා තමාට හමුදාවෙන් ඉල්ලා අස්‌වීමට අවසර දෙන මෙන් කර්නාටක මහාධිකරණයේ විකාශ් කුමාර් විසින් නඩුවක් පවරා තිබිණි.
බැංගලෝරයේ ඉගෙනුම ලබන රනමලී ගුණරත්න ඉන්දීය මේජර්වරයා හා විවාහවීමට එකඟවු වත් සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය වෙනස් කිරීමට එකඟවූවේ නැත.
එම නිසා මේජර් විකාශ්ට හමුදාවෙන් ඉල්ලා අස්‌වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට යැමට සිදුවිය. මොහුට ඉල්ලා අස්‌වීමට ඉඩදිය නොහැකි බව පවසමින් ඉන්දීය හමුදාව විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල මහාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කර ඇත.
කර්නාටක මහාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර තිබුණේ හිටපු ඉන්දීය ජනපති කේ. ආර්. නාරායන්ට බුරුම කාන්තාවක විවාහ කරගැනීමට හැකියාව තිබුණා නම් මේ මේජර්වරයාට ඇති බාධාව කුමක් ද යනුවෙනි.

චතුර පමුණුව
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment