Photobucket

Friday, November 23, 2012

අත්‍යවශ්‍ය ඖෂධ 180 ක්‌ රට පුරා හිඟයි

හෘද රෝගීන් සඳහා ලබාදෙන "ට්‍රයිනයිටේ්‍රට්‌ ග්ලිසරයිඩ්" (ටීඑන්ටී) පෙති ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් හා එන්නත් වර්ග 180 ක්‌ පමණ මෙම දිනවල රජයේ හා පෞද්ගලික ඔසුසල් ගණනාවක හිඟව පවතින බව එම ඔසුසල් ආරංචි මාර්ග පැවැසීය.

මෙම තත්ත්වය මත එම ඔසුසල්වලින් බෙහෙත් මිලදී ගන්නා රෝගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. මෙසේ හිඟව පවතින බෙහෙත් හා එන්නත් වර්ග යම් හෙයකින් රජයේ රෝහල්වලද හිඟ වුවහොත් එම රෝහල් කරා පැමිණෙන රෝගීනට බෙහෙත් මිලදී ගැනීමට  ස්‌ථානයක්‌ නොමැති වනු ඇතැයි ඔසුසල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔසු සලෙන් ඔසු සලට හිඟව පවතින බෙහෙත් වර්ග සංඛ්‍යාව වෙනස්‌වීම නිසා හිඟව පවතින බෙහෙත් වර්ග සංඛ්‍යාව 180 ට වඩා වැඩි විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.

ඒමන්ති මාරබේ
දිවයින ඇසුරින් පලකරන ලදී. 
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all