Photobucket

Friday, November 23, 2012

ක්ලාක් පිටපිටම දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කරයි

  • ඕස්ට්‍රේලියා මුල් ඉනිම 482/5 යි
  • වෝනර් (119) සහ හසීගෙන් (103) ශතක

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇචිල්ඩ් ඕවල්පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට්  ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (22 දා) මයිකල් ක්ලාක් ලබාගත් ද්විත්ව ශතකයන් ඕස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයකට පත්විය. ප්‍රථම ටෙස්ට් තරගයේදීද ද්විත්ව ශතකයක් රැස් කළ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් දකුණු අප්‍රිකානු ප්‍රබල වේග පන්දු බල ඇණියට කිසිදු අපහසුවකින් තොරව මුහුණ දෙමින් දිනය අවසන් වනවිට කඩුලු 5ට ලකුණු 482ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වේගවත් ශතකයක් වාර්තා කළ අතර ඔහු පන්දු 112දී හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 119ක් ලැබිය. එච් කවන් (10) රොබ් කොයිනි (00)  සහ රිකී ‍පොන්ටින් (04) අඩු ලකුනු සංඛ්‍යාවකට දැවී ගියද ක්ලාක්ට එක් වූ මයිකල් හසී 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 272 ක සම්බන්ධතාවයක් තැබිය. මෙහිදී පන්දු 137 කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 103ක් ලබා ගැනීමට මයිකල් ක්ලාක් සමත් විය. දිනය අවසන් වන විට පන්දු 243 කට මුහුණදුන් මයිකල් ක්ලාක් හතරේ පහර 39ක් හා එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 224 ක් ලබා සිටියේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ජැක් කලීස් සහ මොනි මෝකල් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර ස්ටේන්ට එක් කඩුල්ලක් හිමිවිය.

ලකුණු තත්ත්වය
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම 482/5 යි (ඩේවිඩ් වෝනර් 119 මයිකල් හසී 103 මයිකල් ක්ලාක් නොදැවී 224 මොනි මෝකල් 128/2 ජැක් කලීස් 19/2 ඩේල් ස්ටේන් 62/1
 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
 
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all