Photobucket

Monday, November 19, 2012

රුපියල් ලක්‍ෂ හතර හමාරක් කුණු බක්කියක

විදේශිකයෙකුට අයත් රුපියල් ලක්‍ෂ හතරහමාරක් පමණ මුදල් සමඟ නැතිවූ ගමන් මල්ලක් විශේෂ සෝදිස්සියකින් පසු පැය 48 ක් තුළ සොයාදීමට නුවරඑළිය පොලිසිය සමත් වී ඇත. පසුගිය 14 වන දා නුවරඑළියට සංචාරය සඳහා පැමිණි යුක්රේන් ජාතික යුවලක් නුවරඑළිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණ සිටි අවස්ථාවේ ඔවුන් පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතුරුදන් වී ඇත. නැතිවූ එම ගමන් මල්ලේ ගුවන් ටිකට්පත් මෙන්ම ගමන් බලපත්‍ර දෙකක් සහ රුපියල් ලක්‍ෂ හතරහාමාරක් පමණ වටිනා විදේශ මුදල්ද බෑගය තුළ තිබී ඇත. එම යුවල ඒ අවස්ථාවේ දී හෝටල් කළමනාකරුට දැන්වීමෙන් පසු ඔහු විසින් නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත. 
money

මූලස්ථාන භාර පොලිස් ස්ථානාධිපති කමල් රණවීර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කාරර්‍යංශයේ නිලධාරින් විශේෂ සෝදිසියකින් පසු ප්‍රදේශයේ නිතර ගැවසුනු නගරය පවිත්‍රතා කරන පුද්ගලයෙක් සහ තැනැත්තියක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ දී සොරකම් කරන ලද ගමන් මල්ල ලියකියවිලි සමඟ ලෙබනන් අතුරු මාර්ගයේ කුණු බක්කියක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි විය. ගමන් මල්ලේ තිබූ ලක්‍ෂ හතරහාමාරක පමණ විදේශ මුදල් වලින් තුන්ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක් සොරාගත් පුද්ගලයා සහ තැනැත්තිය විසින් නගරයේ විදේශ මුදල් මාරුකරන ස්තානයකින් ලබා ගෙන අත. නුවරඑළිය ගැල්වෙස් ලෑන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් සෝදිසි කිරීමේදී ඉතිර මුදලින් ලබාගත් සිංගර් ටීවී යන්ත්‍රයක් සහ කැසට් යන්ත්‍රයක් සොයාගෙන ඇත. සැකකරුවන් නුවරඑළිය දිසා අධිකරණයට මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් පරික්‍ෂක ජයම්පති බණ්ඩාර මහතා පැවසීය. 
 
gurugedaraඩබ්ලිව්. එම්. සුභසිංහ - නුවරඑළිය
ලක්බිම ඇසුරින් පල  කරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all