Photobucket

Saturday, November 17, 2012

මෙල්බන් පාසල් ක්‍රිඩා තරගයෙන් රන් පදක්කම් පහක් දිනති

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පැවැති වික්ටෝරියා සමස්ත ආරාධිත පාසල් ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම රන්පදක්කම් 5 ක් රිදී පදක්කම් 2 හා ‍ලෝකඩ පදක්කමක් දිනා ඊයේ (15) අලුයම ලක්බිමට පැමිණියහ. 
spots
 කඳන්ගමුව නවෝද්‍යා මහ විද්‍යාලයේ අතීත කරුණාරත්න (තුන්පිම්ම රන්), රත්නපුර නව නගර කුමාර විද්‍යාලයේ මලිත් උදය කුමාර (දුර පැනීම රන්, මීටර් 110 කඩුලු රන්), රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ හර්ෂණී වත්සලා කුමාරි ( මීටර් 400 කඩුලු රිදී), රත්නපුර සීවලී මහ විද්‍යාලයේ අඛිල රවිශංක ( මීටර් 100 කඩුලු රන්, මීටර් 100 ලෝකඩ), යාපනය හින්දු විද්‍යාලයේ රත්නසිංහම් සෙන්දුරම් (උස රිදී), වෙන්නප්පුව තල්දෙන මධ්‍ය මහා විද්‍යාලයේ මලින්ද මධුසංක ( යගුලිය රන්, කවපෙත්ත 6 වන ස්ථානය), කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කුමුදුමලී විජේසිරිවර්ධන ( දුර 4 වන ස්ථානය), වලවේ මධ්‍ය මහා විද්‍යාලයේ රුවිනි පියුමිකා ඒකනායක ( මීටර් 800, 6 වන ස්ථානය), 
spots 2
කණ්ඩායමේ කළමනාකාරිනී ශ්‍රියානි කුලවංශ මහත්මිය සහ පුහුණුකරු සුමේධ ජයකොඩි මහතා සමඟ ගුවන් තොටුපළේදී  කැමරාවට පෙනී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
gurugedara 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all