Photobucket

Monday, November 12, 2012

රුපියල් 1000 සමරු කාසියක් නිකුත් කරයි

ලංකා ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට වසර 60ක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 මුහුණත වටිනාකමෙන් යුත් රිදී සමරු කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

Money

ජපාන රජයේ ඉල්ලීම පරිදි ජපන් "මින්ට්" ආයතනය විසින් ටංකනය කරන ලද මෙම කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ 57 වන සමරු කාසිය වේ.

මෙම කාසිය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (12) නිල වශයෙන් භාරදීමට පියවර ගෙන ඇත.

මෙම කාසියේ මුහුණත කොටසින් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය බහුවර්ණයෙන් දැක්වෙයි.

කාසියේ පහල "2012" වර්ෂයද "ශ්‍රී ලංකාව - ජපානය වසර 60" යන්න සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පරිධියේ ද දැක්වේ.

කාසියේ පිටුපස කොටසින් 60 වන සංවත්සර නිල ලාංඡනය කාසිය මැද සඳහන් වෙයි.

මෙම කාසියේ මුහුණත වටිනාකම වන රුපියල් "1000" සහ "රුපියල්" යන්න කාසියේ පහලද " ශ්‍රී ලංකා" යන්න සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පරිධියේද දැක්වෙයි.

එසේම මෙම කාසියේ විශ්කම්භය මිලිමීටර් 35ක් වන අතර බර ග්‍රෑම් 20.0 කි.

කාසිය ආකර්ෂණීය ඇසුරුමක බහා ජපන් මින්ට් ආයතනයේ ශක්‍යතා සහතිකයක් ද සමග නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් කාසියක් රුපියල් 12,500 බැගින් සීමිත කාසි ප්‍රමාණයක් අලෙවි කරන අතර 2012 නොවැම්බර් 15 වැනිදා සිට ‍කොළඹ 1 ජනාධිපති මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන්ද, රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු විදුපියසේ ස්ථාපිත මුදල් කෞතුකාගාරයෙන් ද, අනුරාධපුර, මාතර, මාතලේ, යාපනය හා ත්‍රීකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු පළාත් කාර්යාලවලින් ද මෙම කාසිය මිලදී ගත හැකිය.

රුපියල් 1000 වටිනාකමින් යුත් මෙවැනි කාසි 500ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුය.

Gurugedaraඅද දෙරණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all