Photobucket

Tuesday, October 30, 2012

ජංගම දුරකථනය මිතුරෙක්ද සතුරෙක්ද?

විවේචනාත්මක බුද්ධිය හරහා ජංගම දුරකථන තවදුරටත් සමාජ දියුණුව කර රැගෙන යයි ද නැතහොත් සමාජයේ පරිහානියට සාධක වේ ද යන මාතෘකාව අද වැදගත් වෙයි. සත්‍ය වශයෙන්ම පැවසුවහොත් ජංගම දුරකථනය අපේ සතුරෙකු හෝ මිතුරෙකු නොවෙයි. එහෙත් එය මිතුරෙකු හෝ සතුරෙකු කරගැනීම මිනිසා සතු කාර්යයකි. නවීන විද්‍යාවේ දියුණු මිනිසා ගේ දියුණුවට ද, පරිහානියටද යන මාතෘකාව ඔස්සේ කරුණු පෙළගැස්විය හැකිවෙයි.
Mobile Phone
යමෙකු ජංගම දුරකථන සමාජ අපරාධ සදහා යොදා ගනී ද එකී අවස්ථාවේදී ජංගම දුරකථන එම පුද්ගලයාට මෙන්ම සමාජයටද කොඩිවිනයකි. එමෙන්ම යමෙකු මෙම ජංගම දුරකථනයෙන් සමාජ සංවර්ධන කටයුත්තක් සිදු කරයිද , එය එම පුද්ගලයාට මෙන්ම සමාජයටද යහපතකි. ඉහත කරුණු 2 ටම නිදසුන් වශයෙන්,
වර්තමාන සමාජය තුල පහත් මානසිකත්වයක් දරන තස්තවාදීන් රට තුල විවිධ ස්ථානවල බෝම්බ පිපිරවීම් සිදුකර අහිංසක ජීවිත බිලිගත් බව අප සැම දෙන දන්නා කරුණකි. ඔඋනට අවශ්‍ය ස්ථානයේ එකී අපරාධය සිදු කිරීමට වුවමනා දත්ත හුවමාරු කරගනිමින් සන්නිවේදනයේ දීමට මෙම ජංගම දුරකථනය ඉවහල් වන බව ද අප සැවොම දනියි. එමෙන්ම සක කටයුතු යමක් දුටු සැනින් 118 හෝ 119 ට ඇමතීම හා එමගින් ජාතික ආරක්ෂාව තර කිරීම අප ගේ වගකීමකි. මෙකි කාර්යට ද ජංගම දුරකථනය ඉවහල් වන බව ඔබ සිතට හැගුණද? 
Mobile Phone
Mobile Phone
ජංගම දුරකථන මහින් කෙටි පණිවිඩ යැවීම යහපත් කාර්යය සදහා යොදා ගැනීම මගින් මානසික තෘප්තියක් ලබාගැනීම වරදක් නැත. එහෙත් එය තවත් පුද්ගලයන්ට පීඩාකාරී වන ලෙස සිදු කිරීම නම් ම හැගී බරපතල වරදකි. තවද ජංගම දුරකතනයේ යතුරු පුවරුව දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම ඇගිලි තුඩු හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට ඉවහල් වන බව විද්‍යාවේ මතයකි. එහෙත් එය සිමාකාරී ලෙස යොදා ගැනීම වරදක් නැත.
අමතර පන්ති තුල ජංගම දුරකතනයෙන් විවිධ ශබ්ද ඇති කිරීම උපේක්ෂාවෙන් ඉවසිය යුතුද? ඒ පිලිබදව මෙසේ දැක්විය හැකිය. පහත් මානසිකත්වයෙන් යුතු ශිෂ්ය ශිෂ්‍යාවන් එවන් දේට පෙළබිම සාමාන්‍ය දෙයකි. එහෙත් එය කල යුත්තේ එය දිගින් දිගටම ඉවසමින් තම අරමුණ වන ඉගෙනීමට බාධාවක් ඇති කර ගැනීමද නැත හොත් එකී පුද්ගලයාගේ මානසිකත්වය ගොඩනග එකී වරදින් ඔහු මුදවා ගෙන තමා ගේ අරමුණු ඉටුකර ගැනීමද යන්න ඔබ සිතිය යුතුය. 
ජංගම දුරකථන ගැටලුව අවසාන වශයෙන් මෙසේ සාරාංශ කල හැක්කේ, ඩෙස්මන්ඩි මොරිස් ගේ ''නිරුවත් වානරයා'' කෘතියට අනුව උපතින් ම තමා කළු පැත්ත වර්ධනය කරගන්න හෙවත් අයහපතට පෙලබෙන සත්වයෙකු ලෙස මිනිසා දක්වා ඇත. එබැවින් නවීන විද්‍යාවේ තවත් වටින දායාදයක් වන ජංගම දුරකථන මිනිසා අතට පත්වීම නිසා එය අපරාධ , අසභ්‍ය කාර්යයට යොදාගැනීමේ සම්භාවිතාව වැඩිය.එබැවින් එය කොඩිවිනයක් ලෙස බොහෝ දෙන දකිති. එහෙත් මිනිසාගේ අධයාත්මය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හරහා ජංගම දුරකථන මිනිසා අතට පත් කිරීම මගින් එය අප කලණ මිතුරෙකු වනු ඇත. එබැවින් මේකි ජංගම දුරකථන ජලයෙන් අනවශ්‍ය දැ ඉවත්කර අවශ්‍ය දැ පමණක් රදවා ගැනීමෙන් මිනිස් අද්යාත්මික සංවර්ධනය ලග කර ජංගම දුරකථනය සමාජ සංවර්ධනයට යොමු කර ලීමට කාලය එලබ ඇත. 
Gurugedara

උදයංග 
ආනන්ද විද්‍යාලය 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all