Photobucket

Wednesday, September 23, 2015

නැන්දණිය ඝාතනය කළැයි මරණ දඩුවම

මුදල් ආරවුලක් මත තම නැන්දනියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරැ වූ දික්වැල්ල බතීගම ප්‍රදේශයේ පුද්ගලයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මරණ දඬුවම නියම කළේය.

2005 වර්ෂයේ මාර්තු 28 වන දින බතීගම පදිංචි නාවුරැන්නගේ නීතා නැමැති අය මෙසේ ඝාතනයට ලක් වී තිබුණි.

ඇයගේ දියණියක් විවාහ කර ගෙන සිටි බතීගම පදිංචි කැකණදුර විදාන ගමගේ සමන්ත නැමැති අයට මෙසේ මරණ දඬුවම නියම විය.

2012 වර්ෂයේ සිට විත්තිකරු නඩුවට ඉදිරිපත් වීම මගහැර තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට විනිසුරැවරයා කටයුතු කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all