Photobucket

Tuesday, September 22, 2015

උතුරු සභාව සම්මත කළ ජාති ඝාතන යෝජනාව මෝඩ වැඩක්‌


උතුරු පළාත් සභාව සම්මත කළ ජාති ඝාතන යෝජනාව මෝඩ ක්‍රියාවක්‌ බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා ස්‌විස්‌ටර්ලන්තයේ බර්න්නුවර පැවැති සමුළුවක්‌ අමතා ප්‍රකාශ කර ඇත. ස්‌විස්‌ටර්ලන්ත රජයේ සහාය මත රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ පැවැත්වූ මෙම සමුළුවට ස්‌විස්‌ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකුවූ මාටින් ස්‌ටුරුසන්ජර් සහ ස්‌විස්‌ සාම බළකායේ ඇනා ලෙයින්ද සහභාගි වී තිබේ. තම උපදෙස්‌ නොතකා උතුරු මහ ඇමැතිවරයා එම ජාති ඝාතන යෝජනාව ගෙන ආ බවට චෝදනා කළ සුමන්තිරම් මහතා ඉන් සිදුවූයේ ජාති ඝාතන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තිබූ ඉඩකඩ වසා දැමීම බව පැවැසීය.


සුමන්තිරම් කළ මෙම ප්‍රකාශය ගැන ස්‌විස්‌ ඊළාම් වාදියකුවූ ලාතස්‌ සුන්දරලිංගම් දැඩි කෝපයට පත්වී ඇත.

ඔහු ගෝලීය ද්‍රවිඩ සංසදයටද බැණ වැදී ඊළාම් අරමුණු යටපත් කිරිමට උත්සාහ කරන බව පවසා තිබේ.

සුන්දරලිංගම්ට ප්‍රතිචාරය දක්‌වා ඇති සුමන්තිරන් ජාති ඝාතනය යනු ජාත්‍යන්තර අපරධයක්‌ බවත් එය අධිකරණ පද්ධතියක්‌ මත සනාථ කළ යුතු යෑයි ද පවසා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all