Photobucket

Tuesday, September 22, 2015

වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයයි

චිම්පන්සියා මානව පරිනාමයේ දී වානරයන් අතරින් මිනිසාගේ ළගම ඥාතියකු යැයි පැවසුව ද මිනිසා සහ චිම්පන්සියා අතර පෙනුමෙන් විශාල වෙනස්කම් ඇතිවීම ගැටළු සහගත බව විද්‍යාඥයෝ කියති.

මේ මතය ඔස්සේ පර්යේෂණ සිදුකළ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් මිනිසුන්ගේ හා චිම්පන්සින්ගේ ව්‍යුහාත්මක වෙනස්කම් හා ජාන පසුබිම් විශ්ලේෂණය කරමින් එකම පූර්වජයකුගෙන් පැවත ආ මේ දෙකොටස මෙතරම් වෙනස්කම් දැක්වීමට හේතු අධ්‍යයනය කරමින් සිටියි.

පර්යේෂකයන් පවසන්නේ මුහුණේ සංවර්ධනය හා මානව මුහුණේ විවිධත්වය සම්බන්ධ ජාන නියාමනය කරන ආකාරයේ දී චිම්පන්සියා හා මිනිසා අතර පෙනුමේ විශේෂිත වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. 

චිම්පන්සින්ට හා මිනිසුන්ට හකු හා නාසය සම්බන්ධය හා සමේ පැල්ලම් ඇතුළු මුහුණේ වෙනස්කම් පාලනය කිරීමට අවශ්‍ය විවිධ ප්‍රෝටීන සංඝටක හේතුවන බව ද ඔවුහු පවසති.

“ පරිනාමයේ දී අපට විශාල මොළයක් ලැබී තිබෙනවා. එමෙන්ම සංකීර්ණ කතාව සදහා අපේ ස්වරාලය පහසුවෙන් භාවිතා කිරීමට අපට හැකියාව ලැබීමත් මේ පෙනුම වෙනස් වීමට හේතුවක් වන්නට ඇති. හිසේ හැඩය, ඇස් පිහිටි ස්ථානය ඇතුළු මුහුණේ ව්‍යුහය තුළ අනුවර්ථන ගණනාවක් සිදුව තිබෙනවා. “
පර්යේෂකයන් පවසන්නේ පරිනාමයේ දී මිනිසා සිය හැගීම් ප්‍ර‍කාශ කිරීමට මුහුණේ සෛල හා පේෂි භාවිතයට හුරු වීම හේතුවෙන් සිය ඥාති වානරයන්ට වඩා වෙනස් මුහුණක් මිනිසුන්ට ලැබී ඇති බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all