Photobucket

Wednesday, September 23, 2015

ලොකු ලූනු බද්ද රු. 20 කින් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් රු. 20 කින් වැඩි කර තිබේ.

මේ අනුව මෙතෙක්‌ රුපියල් 10ක්‌ ව පැවැති ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රජය විසින් රුපියල් 30 දක්‌වා වැඩි කර තිබේ.

දේශීය ලොකු ලූනු අස්‌වනු නෙළන කාලය එළඹ ඇති බැවින්, දේශීය ගොවීන්ට තම අස්‌වනු සඳහා හොඳ මිලක්‌ ලබා දීමේ අරමුණින් මේ තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.

ඊයේ (22 දා) මධ්‍යම රාත්‍රියේ සිට මේ නව බද්ද අදාළ වන බව ද මුදල් අමාත්‍යාංශය කියයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all