Photobucket

Monday, March 11, 2013

ලෝක පාපන්දු තරගමාලාවේදී තරබාරු ක්‍රීඩාලෝලීන්ට විශේෂ ආසන

ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත පාපන්දු ‍ලෝක කුසලාන තරගමාලාව නැරැඹීමට පැමිණෙන තරබාරු ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් විශේෂ ආසන වෙන් කිරීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ. 

බ්‍රසීලයේ තරබාරු ක්‍රීඩාලෝලීන් සදහා වෙන්කිරීමට බලාපොරොත්තු වන මේ විශේෂිත ආසන විදේශීය රටවලින් පැමිණෙන තරබාරු ක්‍රීඩාලෝලීන්ට ද වෙන් කෙරේ. ලෝක පාපන්දු සම්මේලන තරගමාලාවක තරබාරු ක්‍රීඩාලෝලීන්‍ වෙනුවෙන් ආසන වෙන්කෙරෙන පළමු අවස්ථාව මෙය වේ. 

ඊට අමතරව ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගණයකම ආසනවලින් 1% ක ප්‍රතිශතයක් ආබාධිත ක්‍රීඩාලෝලීන්ටත්, රෝද පුටු භාවිතා කරන ක්‍රීඩාලෝලීන්ට විශේෂිත ස්ථානත් වෙන්කිරීමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමුවී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all