Photobucket

Monday, March 11, 2013

ව්‍යාජ මරංචි තොගයක් සැකකරුවන් සමග අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 05 කට අලවි කිරීමට සුදානම් වු ව්‍යාජ මරංචි තොගයක් පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් සැකකරුවන් දෙදෙනෙකුද සමග නොච්චියාගම නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. නිධානයකන් ලබා ගත් මරංචි කිලෝ ග්‍රෑම් 01 ක ප්‍රමාණයක් අලවි කිරීමට ඇති බවට වු තොරතුරක් පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබී ඇත. 

 ඒ අනුව ව්‍යාජ ගැණුම්කරුවෙකු යොදවා අදාල වැටලීම සිදු කර ඇත. අලවි කරන්නට සුදානම් වු විට අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයම් වලින් සකස් කර රන් ආලේපිත ගුලි බව වැටලීම කළ නිළධාරීන් කියයි. සැකකරුවන් දෙදෙනා සහ ව්‍යාජ මරංචි තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොච්චියාගම පොලීසියට බාරදී ඇත. 

විශේෂ කාර්ය බලකායේ වව්නියාව පාලන අණදෙන නිළධාරී පොලිස් අධිකාරී අයේෂ් කරුණාරත්න,පුත්තලම ප්‍රාදේශීය අණදෙන නිළධාරී සහකාර පොලිස් අධිකාරී කැළුම් කුළතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා මහතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all