Photobucket

Monday, March 4, 2013

ශ්‍රීපාදයේදී අතුරුදන් වූ මගේ පුතා සොයා දෙන්න

"මගේ රත්තරං දරුවා ගැන තොරතුරක්‌ දන්නා අයෙක්‌ ඉන්නවා නම් ඉක්‌මනට කියන්න" ඒක ලොකු පිනක්‌. දරුවා අතුරුදන් වී අදට දින අටක්‌ ගතවෙලා"

පසුගිය 23 වැනිදා සිරිපා කරුණාකර බසිමින් සිටියදී සීත ගඟුලට ආසන්නයේදී අතුරුදන් වූ පිබිලන්ඩ් ගමේ පදිංචි එම්. ඩී. තිලංක ඉන්ද්‍රජිත් (14) නමැති දරුවාගේ පියා වන අජින්ද්‍ර ප්‍රනාන්දු මහතා (40) (03 දා) සිරිපාද අඩවියේ සිට දැඩි කම්පනයෙන් යුතුව දුරකථන මාර්ග ඔස්‌සේ එසේ පැවසීය.

sලංක සිසුවා සොයා ඊයේ දිනයේද යුද හමුදාව, පොලිසිය, ඔහුගේ දෙමාපියන් සහ ඉංගිරිය ප්‍රදේශවාසීන් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබිණි.

තිලංකගේ අතුරුදන්වීම නිසා ඔහුගේ මව වන ගීතානි මංගලාද, සොයුරිය වන තරුෂි ද දැඩි කම්පනයට පත්ව සිටිති.

වැඩිදුරටත් කතා කළ තිලංකගේ පියා මෙසේ ද කීය.

"අපි පසුගිය 23 වැනිදා කොළඹ කොටුවෙන් දුම්රියක නැගී හැටන්වලට ගියා. පසුව අපි සිරීපාදේ වන්දනා කළා. මේ ගමනට මමත්, බිරිඳත්, දුවත්, අතුරුදන් වූ පුතත්, ගමේ අයත් සහභාගි වුණා. සිරීපාදේ වන්දනා කොට පසුව අපි කුරුවිට එරත්න මාර්ගය ඔස්‌සේ පහළට බැස්‌සා. සීත ගඟුලට ළංවෙනවාත් සමඟම පුතා නැති බව තේරුණා. පුතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තත් වැඩ කළේ නැහැ. අපිට හිතාගන්නවත් බැහැ. දරුවාට මොකද වුණේ කියලා. දරුවා අතුරුදන් වූ දා සිට අපි තවමත් මෙහේ සිට දරුවා හොයනවා. දරුවා ගැන තොරතුරක්‌ තිබෙනවා නම් 0752929061, 0757397815 අංකවලට දැනුම් දෙන්න."
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all