Photobucket

Friday, March 8, 2013

කරුවලගස්‌වැව සභාපති රිමාන්ඩ්

කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා මේ මස 8 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු හේශාන්තද මෙල් මහතා විසින් (06 වැනිදා) නියෝග කරන ලදී.

 පසුගිය පෙබරවාරි 7 වැනිදා සාලියවැව නගරයේදී 17 හැවිරිදි තරුණයකුට පහරදීම සම්බන්ධයෙන් සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් ඒ මහතා සාලියවැව පොලිසියේ පෙනී නොසිටි බැවින් ඒ පිළිබඳව පොලිසිය උසාවියට කරුණු වාර්තා කර තිබිණි. එම කරුණු සැලකිල්ලටගත් පුත්තලම මහෙස්‌ත්‍රාත් අධිකරණය ඒ මහතාට නොතීසි නිකුත්කර තිබිණි.

ඒ අනුව සභාපතිවරයා නීතිඥයන් 4 දෙනකු මාර්ගයෙන් (6දා) උසාවියට භාරවූ අතර එම අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all