බෙලිහුල්ඔය
ගලගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් උණ රෝගයෙන් පෙළීම නිසා බළන්ගොඩ මූලික
රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු
34 ක්වු බළන්ගොඩ ජාතික පසලේ පරිගණක ගුරුවරියක වූ එච්.එම්. කුමුදු ගංගා
කුලරත්න නම් වූ ගුරුවරියයි. ඇයට සිව් හැවිරිදි දියණියක් ද සිටී.
පසුගිය
27 වැනිදා උණ වැළදී ඇති අතර රෝගී තත්වය උත්සන්නවීමෙන් එදින පස්වරු බළන්ගොඩ
මූළික රෝහළට ඇතළත් කර තිබේ. රෝහල්ගතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
සිටියදී 02 වැනිදා පෙරවරු 11.15 ට ගුරුවරුය මියගොස් ඇත. පශ්චාත් වෛද්‍ය
පරීක්ෂණය 02 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරීනී පී.ටී මාතොට ආරච්චි මහත්මිය
සිදුකළ අතර මරණපරීක්ෂණය බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්ෂක එච්.ඩී.
රූබන්පීරිස් මහතා සිදුකළේය. මරණය ට හේතුව ඩෙංගු උන යැයි සැක පහළ කරන අතර
අදාල කොටස් වැඩිදුර පරීක්ෂනයට යෙමුකර ඇති අතර එම වාර්තා ලබන බදාදා වනවිට
ලැබීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
0 comments:
Post a Comment