Photobucket

Sunday, March 10, 2013

පොතුපිටිය විදුහලට වොලිබෝල් ශූරතා හතරක්

කළුතර දිස්ත්‍රික් අධ්‍යාපන කොට්ඨාස තරගාවලිය යටතේ පැවැති වොලිබෝල් තරගවලින් අවුරුදු 15,17 සහ 19න් පහළ බාලක ශූරතා සහ අවු.17න් පහළ බාලිකා ශූරතාව ලෙස ශූරතා 4ක් හිමිකර ගැනීමට පොතුපිටිය විදුහල් වොලිබෝල් කණ්ඩායම් සමත්විය. 

මේ තරගාවලියේ දී අවු.15න් පහළ බාලිකා ශූරතාව නා‍ගොඩ මහා විද්‍යාලයත්, අවු.19න් පහළ බාලිකා ශූරතාව කළුතර වේලාපුර විද්‍යාලයටත් හිමිවිය. අවු.15, 19 බාලක අනුශූරතාවන් නාගොඩ මහා විද්‍යාලයට හිමිවු අතර අවු‍.17න් අනුශූරතාව කළුතර ඥානෝදය විදුහල දිනාගත්තේය. 

පොතුපිටිය මහ විදුහල, කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහල සහ කළුතර බාලිකාව මේ ඉසව්වන්ගේ බාලිකා අනුශූරතාවන් හිමිකර ගත්හ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all