වසර 2016 වන විට විදෙස් සංචාරකයන් මිලියන 2.5 පැමිණීමේ ඉලක්කයට ළඟා වීම සඳහා
ඉන්දියාවෙන් සංචාරකයන් 4,000,000 ක් ආකර්ශනය කර ගැනීම අපේක්ෂිතය. ඒ සඳහා තෙදින
ප්‍රවර්ධන වැඩමුළුවක් පසුගියදා ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්විණි.
එහිදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ඉන්දියාවේ
සංචාරක තානාපතිවරයා ලෙස පත් කැරිණි. ගෙට් ශ්‍රී ලන්කන්ඩ් නම් මේ වැඩසටහනට මෙරට
සංචාරක ආයෝජන සහ වෙළඳ ක්ෂෙත්රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 60 ක නියෝජිතයෝ
සහභාගි වූහ.
දැනට සතියකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් වාර 127 ක් සිදුවේ. ශ්‍රී ලන්කන්
ගුවන් සමාගම මඟින් ඉන්දියාවේ නගර 8 ක් වෙත ගුවන් ගමන් යොදවා තිබේ. 2012 වසරේදී
ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 186,525 කි. එය එක් රටකින් වසරක් තුළ
මෙරටට පැමිණි විශාලතම සංචාරකයින් සංඛ්‍යාවය.
0 comments:
Post a Comment