Photobucket

Sunday, March 10, 2013

මහත්තයා බොනඑක නතර කරන්න නෝනට පුළුවන් වෙන්න ඕන

කාන්තාවන් මැද පෙරදිග රැකියාවලට   යැවීම නතරකළ යුතු යුතුද නැතිනම් වයස් සීමාව වැඩිකළ යුතුද මේ ප‍්‍රශ්න වලට හේතුවු සමාජයීය හේතුන් මොනවාද යන්න පිළිබදව ගැඹුරින් කල්පනාකර සමබර තාවයකින් යුතු විසඳුමක් ලබාදිම සදහා මේ දිනවල කරුණු සොයා බලමින් සිටින බව වාර්මාර්ග හා ජල කළමණකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදි (09) පැවසීය 
 
බදුල්ල ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ කාන්තාදින උත්සවය අමතමින් ඇමතිවරයා කිවේ බොහෝ දෙනෙක් පවසන්නේ මැදපෙරදිග යන්නේ කැමැතෙන් නොවන බවයි 

එක්කෝ විසිරීගිය පවුල් නිසා තමන්ගේ ස්වාමිපුරුෂයාගේ බීමත්කම නිසා හා ස්වාමිපුරුෂයාගෙන් ගුටිබැට කන්න බැරිනිසා වගේ කරුණු නිසා මැදපෙරදිග යන කාන්තාවනුත් ඉන්නවා .මේවගේ හේතු කාරණා රාශියක් උඩ පැනලා ඇවිල්ලා හැංගිලා ඉඳලා පාස්පෝට් හදාගෙන රටයන අයත් ඉන්නවා .

පිටරට යැවීම නතරකිරීම තුළින් පමණක් මේ ප‍්‍රශ්නය විසඳන්න පුථවන්කමක් නැහැ .
 
වතුකරයේ දමිල කාන්තාවන් මත්පැන් පානයට ඇබ්බැහිවීමේ ප‍්‍රවානතාවයක් ඇතිවී තිබෙන බවට නිරතුරුව පැමිණිලි ලැබෙනවා. මේ අවාසනාවන්ත තත්වයෙන් ඔවුන් බේරාගැනීම සඳහා කාන්තා කාර්යාංශය හා දේශපාලඥයන් එකමුතුව විධිමත් වැඩපිලිවෙලක් දියත් කළ යුතයි . 

තායිලන්තය මැලේසියාව සිග්ප්පුරුව ජපානය හා ඇතැම් බටහිර රටවල වගේ අපේ අනෙක් කාන්තාවෝ මත් පැන් හා දුමිවැටි වලට පුරුදුවෙලා නැහැ ඒක සුවිශේෂි හොඳ තත්වයක් .

තමන්ගේ මහත්තුරු ඕනවට වැඩියෙන් බොන එකත් කතර කර ගැනිමේ වගකිම ඔවුන් තිබෙනවා .

කාන්තා හිංසනය හා ළමා අපචාර වලට තුඩුදි ඇත්තේ බීමත් කමයි .ළමයින් ගේ ආර්කෂාව පිළිබදව කල්පනාවෙන් හා අවදියෙන් සිටිය යුතුයි
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all