Photobucket

Tuesday, March 5, 2013

කල්පිටිය මුහුදේදී ඉන්දීය ධීවරයෝ 16 ක්‌ දැලේ

කල්පිටිය බටහිර මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි බෝට්‌ටු 03 ක්‌ සමඟ ඉන්දීය ධීවරයන් 16 දෙනකු (03 වැනිදා) අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම කල්පිටිය මුහුදු සීමාවට ඉන්දීය ධීවර බෝට්‌ටු පැමිණ ඇති බවට නාවික හමුදාවට ලැබුණු තොරතුරක්‌ මත විමර්ශනය කර මෙසේ ධීවරයන් සහ බෝට්‌ටු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවැසීය.

සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් බෝට්‌ටු සහ ආම්පන්න කල්පිටිය පොලිසියට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all