Photobucket

Monday, February 25, 2013

සති අන්ත නිවාඩුවේදී ශ්‍රීපාදයට ජන ගඟක්‌

නවම් පුන් පොහෝ දිනයත් සමග එළඹුණු දින තුනක නිවාඩුවේදී බැතිමතුන් විශාල පිරිසක්‌ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණීමත් සමග ශ්‍රීපාද මළුව සහ ශ්‍රීපාද මාර්ගය බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.

හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාදය වන්දනා කිරීමට ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක්‌ පැමිණීමත් සමග මස්‌කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්‌ පැවැති බව මස්‌කෙළිය හා නල්ලතන්නිය පොලිසි පවසයි.

වන්දනාකරුවන් රැගත් වාහන ප්‍රමාණය වැඩි වීමත් සමග නල්ලතන්නිය සිට කිලෝමීටර් 13 ක්‌ පමණ දුරට රථවාහන පෝලිම් මාර්ගය දෙපස පැවැති බව ද එම පොලිස්‌ නිලධාරීහු පවසති. නල්ලතන්නිය පොලිසියේ ප්‍රකාශකයකු පැවසුවේ නල්ලතන්නිය ශ්‍රීපාදය මාර්ගයේ වන්දනාකරුවන් වැඩි වීමත් සමග ශ්‍රීපාද මාර්ගයේ දැඩි තදබදයක්‌ පැවැති බවයි.

ශ්‍රීපාදය වන්දනා කිරීම සඳහා දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් සිට නල්ලතන්නිය දක්‌වා ප්‍රවාහනය කිරීමට හැටන් ලංගම ඩිපෝව මගින් නිරන්තරයෙන් ලංගම බස්‌ රථ යොදවා ඇත.

වන්දනාකරුවන්ගේ ආරක්‍ෂාව සඳහා උපරිම ආරක්‍ෂාව යෙදවීමට හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නෙවින් පද්මදේව මහතා විසින් නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all