Photobucket

Tuesday, February 19, 2013

විපක්ෂ නායකවරයා ජාතිවාදි ආගම්වාදි ලැව්ගිනි පතුරවන්න හදනවා

ජාතිවාදි කෝලහාල හා ආගම්වාදි ගැටුම් ඇති නොවන ලෙස ඉවසිල්ලෙන් හා ඥානාන්විතව කටයුතු කිරිමේ වගකීම රජයට මෙන්ම විපක්ෂයටද පවතින බව සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී (19) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය. එහිදි කරුණු දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීය. “විපක්ෂ නායකවරයා පසුගිය පෙබරවාරි 06 දා මතු කළ ප්‍රශ්නයට මා පෙබරවාරි 07 දා සවිස්තර පිළිතුරක් ලබා දුන්නා. පහරදීම් කර ඇත්තේ කුමන ස්ථානයන්හි පිහිටි කිනම් මුස්ලිම් දේවස්ථානයන්ටද කියා විස්තර ඉදිරිපත් කරන ලෙස මා එතුමාට අභියෝග කළා. 

එතුමා අද දින සඳහන් කර තිබෙන්නේ 2012 ජුලි 26 සුඩර්ඕලි පුවත්පතේ වාර්තා කර තිබෙනවාය කියන ඉඟුරුවත්ත පල්ලියට භික්ෂුන්වහන්සේ බලෙන් ඇතුළු වුණේ යැයි කියන සිද්ධිය හා අඹන්‍පොළ සිද්ධිය පමණයි. එතුමාගේ මුල් ප්‍රකාශයේ සඳහන් කළ පල්ලි 10 කට පහරදීම පිළිබඳව කිසිවක් ලබාදී නැහැ. එසේ ලබාදී නැත්තේ එවැනි සිද්ධියක් නොවු නිසා බව නිගමනය කළ හැකියි. ඒ නිසා මෙය හුදු මනංකල්පිත වාර්තාවක් පමණයි. අඹන්‍පොළ මුස්ලිම් දේවස්ථානයේ සිදුවීමක් වාර්තා වී නැතැයිද ‍පොලිස්පතිවරයා කියා තිබෙනවා. සුළු සිද්ධින් හාරා අවුස්සා අසත්‍ය පුවත්පත් වාර්තා මත කරනු ලබන මෙවැනි ප්‍රකාශයන් ජාතිවාදි හා ආගම්වාදි ගිනි දැල් නිමා දැමීම සඳහා නොව, ඒවා ලැව් ගින්නක් මෙන් පැතිරවීම සඳහා උපයෝගි වන බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. විපක්ෂය ලබාදෙන සහයෝගය රජයට ලබාදෙන සහයෝගයක් නොව, අප මාතෘභුමිය වෙනුවෙන් ඉටු කළයුතු යුතුකමක් හා වගකීමක් බව පෙන්වා දෙමි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all